Citizen.lk
Citizen News Line
 

හොට් සීන් නැතුව පැය 24න් ලංකාවේ ට්‍රෙන්ඩින් අංක එක වුණු සනුකගේ ''පෙරවදනක්'' පිටුපස නොඇසුණු කතාව - වීඩියෝ

හොට් සීන් නැතුව පැය 24න් ලංකාවේ ට්‍රෙන්ඩින් අංක එක වුණු සනුකගේ ''පෙරවදනක්'' පිටුපස නොඇසුණු කතාව - වීඩියෝ | Sanuka Perawadanak
Fri 14 July 2017 1:48 pm
64,958 views

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට එන එක එක සින්දු බිම්මල් පිපෙනවා වගේ ටික කාලෙකින් මිනිස්සුන්ට අමතක වෙලා යනවා. ගොඩ දෙනෙක් අද කාලේ ගීතයේ පද රචනයට, සංගීතයට වඩා රූප රචනය වෙනුවෙන් ප්‍රමුඛ ස්ථානයක් දීලා තියෙන්නේ හිට් කරගන්න බැරි සින්දුවක් වුණත් හොට් වීඩියෝවක් එක්ක එළියට දැම්මොත් හිට් වෙනවා කියන මතෙක ඉන්න නිසා.

ඒ වගේ සින්දු ගොඩක් පහුගිය කාලෙ සමාජජාලා ඔස්සේ කතාබහට ලක්වුණත් හොඳට හිතලා බැලුවොත් ඒ වීඩියෝවල ඇත්තටම ගන්න දෙයක් නෑ කියලා සමහර අය ෆේස්බුක් එකේම එක එක තැන්වල සඳහන් කරලා තිබුණා. Youtube එකේ ට්‍රෙන්ඩින් අංක එකට එන්න නම් හොට් සීන් එකක් තියෙන මියුසික් වීඩියෝ එකක්ම කරන්න ඕනි කියන එක ලංකාවේ දැන් ඉන්න සමහරක් වීඩියෝ අධ්‍යක්ෂකවරු හිතාගෙන ඉන්නවා.

මේ නිසාම ඒ අය එකපිට එක තේරුමක් නැති වුණත් හොට් සීන් දාලා වීඩියෝ කරන්න පුරුදුවුණු රැල්ලක් තමයි දැන් තියෙන්නේ. හැබැයි ලංකාවේ Youtube එකේ ට්‍රෙන්ඩින් අංක එකට එන්න හොට් සීන්ම ඕනි නෑ කියලා පහුගිය දවසක කරළියට ආව සනුකගෙ ''පෙරවදනක්'' ගීතය පෙන්වලා දුන්නා. මොකද සින්දුව අන්තර්ජාලයට මුදාහැරලා පැය 24ක් ඇතුලත Youtube එකේ ට්‍රෙන්ඩින් අංක එකට ආවා.

මේ කියන්න යන්නේ ඒ විදියට ජනප්‍රිය වුනු සින්දුවේ ඉන්න ප්‍රධාන චරිතයන් අතරින් බිහිරි පුද්ගලයාගේ චරිතයට පණ පොවන සංජීව සෙනවිරත්න ගැන ඔහුගේ මිතුරෙක් කියපු පුංචි කතාවක් ගැන. ගීතය නිකුත් වුණාට පස්සේ ඔහු සංජීවගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණේ මේ වගේ වගේ දෙයක්.

'' උඔට මතකද ඉස්කෝලෙ තරග වලට අපි රගපෑවා...උඔ drama එකක් කරා..ඒකෙන් අපි තමා හොදටම කරේ..ඒත් ඒකෙන් දිනන්න දුන් නෑ,ඒකෙ හිටපු මහත්තුරැ...එයාල ලොකු ඉස්කෝලෙක වැඩක් නැති නාට්‍ය කට දිනන්න දුන්න...අපිට පට්ට අවුල.....කට්ටිය ඇඩුවත් එක්ක...ඒත් උඹ හැමොගෙම හිත හැදුවා.... උඹ දැන් ඉන්න තැනට ආවෙ උබේ තියෙන උත්සාහය නිසයි...උබේ තියෙන හැකියාව මාරම මාරයි....ඔයාට පුලුවන් දේ ගොඩයි...නවතින්න එපා....දවසක උඹ සම්මාන පිට සම්මාන ගන්නවා....ජයවේවා මචං ......''

හැමදාම පෙන්වන හොට් සීන් මාකට් එකෙන් ඔබ්බට ගියපු මේ ගීතය ඇත්තටම ගොඩදෙනෙක් ආදරෙන් වැළඳගත්තා. හැමදාම එකම රැල්ලට නොයා අනිත් අයත් මේ වගේ වෙනස් වැඩක් කළානම් මීට වඩා අපේ රටේ සංගීත ක්ෂේත්‍රය ලස්සන වෙලා තියෙයි කියලා තමයි ගොඩ දෙනෙක් කියන්නේ....

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News