Citizen.lk
 

වසර ගණනක් පෙරුම්පුරා ලොවට බිහිකළ දරුවා දැක, සතුට වැඩිකමට ළය පැලී මියගිය සඳමාලිගේ සෝචනීය පුවත

වසර ගණනක් පෙරුම්පුරා ලොවට බිහිකළ දරුවා දැක, සතුට වැඩිකමට ළය පැලී මියගිය සඳමාලිගේ සෝචනීය පුවත | Mother Dead In Thabuththegama
Fri 14 July 2017 10:07 am
68,255 views

මවක් දසමසක් කුසේ හොවාගෙන තමන්ගේ දරුවා මෙලොවට බිහිකරන්නේ දහසක් බලාපොරොත්තු සිතේ තබාගෙනයි. එවන් සතුටුදායක අවස්ථාවකදී ඒ සතුට දරාගත නොහැකිව මෙලොව හැරගිය මවක් පිළිබඳව හද කම්පා කරවන පුවතක් තඹුත්තේගම ප්‍රදේශයේ අපට අසන්නට ලැබුණා.

විවාහ වී වර්ෂ ගණනාවකට පසුව කුළුඳුල් දරුවා රෝහලේදී ලැබීමෙන් පසුව ඒ සතුට වැඩිකමට මෙම මව මියගොස් ඇති අතර ඇය වසර ගණනාවක සිටම දරුවෙකු අපේක්ෂාවෙන් සිටි කාන්තාවක් බවයි දැනගන්නට ලැබෙන්නේ.

තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි තිස්‌ එක්‌ හැවිරිදි දිනූෂිකා සඳමාලි නමැති මෙම මවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පවසා සිටියේ මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක්‌ වශයෙන් සිදුවන බවයි.

දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසන අතර ඇයට ලැබුණු පිරිමි දරුවාද හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවට වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News