Citizen.lk
OPPO
 

තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක්

තමන්ටම විතරක් ෆෝන් එකේ තිරය පේන අපූරු ගැජට් එකක් | Privacy glasses that only allow him to see his smartphone screen
Mon 04 July 2016 9:47 am
7,544 views
අපි හැමෝම වගේ අත්දැකලා තියෙන දෙයක් තමයි බස් එකේ කෝච්චියේ හරි යනකොට, එහෙමත් නැත්නම් පොදු ස්ථානයක ජංගම දුරකථනය භාවිත කරන වෙලාවට වටේ ඉන්න අය ඔබේ ජංගම දුරකථනය දිහා බලාගෙන ඉන්න එක. ඒක ඇත්තටම අපේ පෞද්ගලිකත්වයට ලොකු ප්‍රශ්ණයක්. ඒත් මේ වෙනකොට ටර්කි රටේ 42 හැවිරිදි Celal Göger නම් පුද්ගලයා මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයාගෙන. ජංගම දුරකථනය භාවිත කරන කෙනාට විතරක් ජංගම දුරකථනයේ තිරයේ ඇති දේවල් දිස්වෙන ආකාරයේ අපූරු ගැජට් එකක් මේ පුද්ගලයා නිර්මාණය කරලා. ඔහු කියන විදියට එයා බස් එකේ යද්දි තමන්ගේ ඊමේල් පණිවිඩ බලන අතරේ වටේ ඉන්න අය තමන්ගේ තිරය දිහා බලාගෙන ඉන්න විදිය දැකපු ඔහු මේ ප්‍රශ්ණයට විසඳුමක් හොයන්න පටන් අරගෙන. ඉතින් වෘත්තියෙන් ජංගම දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙක් වූ ඔහු තමන්ගේ අලුත්වැඩියා මධ්‍යස්ථානයට ගිහින් මේ නිර්මාණය කරන්න පටන් අරගෙන. ඒ අනුව ඕනෑම ජංගම දුරකථනයක්, ටැබ්ලට් උපකරණයක් හෝ ලැප්ටොප් පරිගණක තිරයක් සම්පූර්ණයෙන්ම සුදු පැහැ කර විශේෂ ඇස්කණ්නාඩ් යුගල පැළඳ ඇති පුද්ගලයාට පමණක් එම තිරයේ ඇති දේ නැරඹීමට හැකියාව ලැබෙනවා. ඔහු විසින්ම ක්‍රමලේඛගත කර ඇති විශේෂ චිපයක් ජංගම දුරකථනයට සම්බන්ධ කිරීමෙන් තිරය සුදුපැහැ බවට පත්කරන අතර බ්ලූටූත් හරහා ජංගම දුරකථනය සමඟ සන්නිවේදනය කරන ඇස්කණ්නාඩි යුගලට සම්බන්ධ කර ඇති තවත් චිපයක් මඟින් තිරයේ මත ඇති දේ නැවත නිවැරදි තත්වයට පරිවර්ථනය කරනු ලබයි. මේ අපූරු ගැජට් එක සඳහා $10කටත් අඩු මුදලක් පමණක් වැයවන අතර කුඩා තිරයක සිට රූපවාහිනී තිරයක් දක්වා ඕනෑම තිරයක් සඳහා සඳහා සහාය දක්වයි. මේ වන විට ඔහු සිය නව නිර්මාණය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන අතර නුදුරේදීම මහා පරිමාණයෙන් නිෂ්පාදනය සඳහා නිකුත් කෙරෙනු ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News