Citizen.lk
 
 

සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video | Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee
Fri 09 June 2017 3:44 pm
40,494 views

දෙරණ නාළිකාවෙන් මේ දිනවල අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන විකාශය වන ''සිඳු හා දෙවනි ඉණිම'' නාට්‍ය ඔබ මේ වනවිටත් නරඹනවා වන්නට පුලුවන්. ඔබ ඒ ගැන සමාජ මාධ්‍යයන්වල එහෙමත් නැතිනම් ඔබේ මිතුර මිතුරියන්ගෙන් අසා තිබෙන්නට පුලුවන්.

ශ්‍රි ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ රුචිකත්වය නවමු මානයකට ගෙන ගිය මෙම නාට්‍ය දෙක මේ වන විටත් සම්මාන රැසකින් පවා පිදුම් ලබා තිබෙනවා. එහි එන විවිධ චරිත බොහෝ දෙනෙකුගේ ආදරයට ගෞරවයට පාත්‍ර වී ඇත්තේ ඔවුන් පණපොවන චරිතයන්ගේ ගැබ්ව ඇති කතාව ප්‍රේක්ෂයන්ටද වර්තමානය වන විට ආදර්ශයක් වන නිසාවෙන්.

ඔබ සෝරත පොඩි හාමුදුරුවන්, එම නාටකයේ එන ලොකු හාමුදුරුවන්, තෙරුණි, අනුහස්, සමල්කා වැනි චරිත මේ වන විටත් දන්නවා ඇති. නමුත් ඔවුන්ගේ එම චරිතයන්, තිරය පිටුපස සිටිමින් මෙහෙය වන්නේ කවුරුන්දැයි ඔබ මෙතෙක් නොදැන ඉන්නට ඇති. ඔවුන් කතා කරන වචනයක් පසා ලියැවෙන්නේ කාගේ පෑනෙන්දැයි ඔබ නොදැන ඉන්නට ඇති. ඔබ ඔහුව සොයන්නට ඇති.

ඒ නිසාම ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වය නවමු මානයකට ගෙනයමින් සමීක්ෂණ වාර්තාවන්ගේ අංක එකේ නාට්‍යන් රැසක් ඔබ හමුවට ගෙන ආ ඒ සැඟවුණු චරිතය ඔබට හෙළි කරන්නටයි අපේ මේ සූදානම. ඔහු නමින් සමන් එදිරිමුණි. නවකතා, පුවත්පත් ලිපි, ගීත පද රචනා තුළින් තාරුණ්‍යයේ රසික හදවත් වසඟ කළ ලේඛකයෙක්.

තරුණයා පුවත්පතේ ලියැවුණු එදිරිගේ සාටරය, හිනාවෙන්න බැරි තරමට, ලියූ කවිපද ගීතයන් ඔහු අතින් ලියැවී ජනප්‍රියත්වයට පත්වුණු තවත් නිර්මාණ කිහිපයක්. මේ එලෙසින් ජනප්‍රියත්වයට පත් නිර්මාණ රැසක තිරය පිටුපස සිටි නිර්මාණකරු වූ සමන් එදිරිමුණි සමඟින් Citizen Of The Week විශේෂාංගය.....

More Citizens

Latest News

You may also like

Latest Videos

Hot Video

Sonu Nigam Live In Sri Lanka 2017 | මියුරු ස්වරයෙන් රසික සිත් වසඟ කළ සෝනු නිගම් සජීවී ප්‍රසංගයේ රසමුසු තැන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News