Citizen.lk
 
 

ඇපල් සමාගමෙන් මෙතෙක් එළිනොදැක්වූ ආකර්ෂණීය වෙනස් සමඟ නවතම දුරකථනයක් වෙළඳපලට - වීඩියෝ

ඇපල් සමාගමෙන් මෙතෙක් එළිනොදැක්වූ ආකර්ෂණීය වෙනස් සමඟ නවතම දුරකථනයක් වෙළඳපලට - වීඩියෝ | New RED iPhone 7 Unboxing
Wed 22 March 2017 3:12 pm
11,511 views

ඇපල් සමාගම විසින් මෙතෙක් එළි නොදැක්වූ වෙනස්ම තාලයේ අලුත්ම දුරකථනයක් ඉදිරියේදී වෙළඳපලට නිකුත් කිරීමට සුදානම් වෙනවා. මෙය ඇපල් සමාගම විසින් නිකුත් කළ නවතම 7 Series දුරකථනයට සමාන වන නමුත් එහි පැහැය හා ධාරිතාව අනෙක් දුරකථනවලට වඩා විශේෂත්වයක් ගන්නවා.

ඊට හේතුවන්නේ මෙය ආකර්ෂණීය රතු පැහැයකින් වෙළඳපලට නිකුත් වීම අතර එහි ධාරිතාව අනෙක් දුරකථනවලට වඩා ඉහළ අගයක් ගන්නා අතර ඒ අනුව 256GB ධාරිතාවයකින් මෙය වෙළඳපලට නිකුත් වීමට නියමිතයි.

මාර්තු මස 24 වනදා සිට ඇපල් පාරිභෝගිකයින්ට මෙය ඇණවුම් කිරීමේ හැකියාව පතින අතර මෙම විශේෂිත දුරකථන වෙළඳපලට නිකුත් කරන්නේ සීමිත ප්‍රමාණයකින් බවටද වාර්තා වෙනවා.

මෙය විශේෂයෙන්ම වෙළඳපලට නිකුත් කරන්නේ ලොවපුරා දූගී දුප්පත් ජනයාට ආධාර කරන සංවිධානයන්ට මුදල්මය වශයෙන් උදව් උපකාර කිරීමට බවයි ඇපල් සමාගම පවසා ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News