Citizen.lk
 

වසරේ හොඳම වැඩසටහන DJ අරා & පැස්බරා..! තමන්ගේ හැකියාවට හිමි සම්මානය හිරු ගනිද්දී සියතට ගිය ඔරිජිනල් අරා – පැස්බරා නැගී සිට අත්පුඩි ගසයි

වසරේ හොඳම වැඩසටහන DJ අරා & පැස්බරා..! තමන්ගේ හැකියාවට හිමි සම්මානය හිරු ගනිද්දී සියතට ගිය ඔරිජිනල් අරා – පැස්බරා නැගී සිට අත්පුඩි ගසයි | Slim Nielsen Awards 2017 Best Radio Program DJ Ara & Pasbara Disna Munasinghe Aravinda Lokuge
Sat 11 March 2017 8:51 am
68,677 views

2017වසරේ ස්ලිම් නීල්සන් සම්මාන උළෙල ඊයේ (10) රාත්‍රී කොළඹ වෝටර්ස් ඒ්ජ් පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී 2016 වසරේ ජනප්‍රිම ගුවන්විදුලි වැඩසටහනට හිමි සම්මානය DJ අරා & පැස්බරා වැඩසටහනට හිමිවූ අතර එම සම්මානය ලබාගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව එම අවස්ථාවට පැමිණ සිටි බොහෝ පිරිසක් කුතුහලයෙන් බලා සිටියා.

එයට හේතු වූයේ සම්මානය මෙම වැඩසටහන ලබාගන්නට තමන්ගේ හැකියාවන් කරළියට ගෙන ආ රියල් DJ අරා & පැස්බරා පසුගිය දිනෙක හිරු FM ගුවන්විදුලියෙන් ඉවත්වී සියත ගුවන් විදුලිය සමඟ එක්වීමයි.

කෙසේ නමුත් 2016 වසර සඳහා වන මෙම සම්මාන උළලේදී ඔවුන් දෙදෙනාගේ හැකියාවන්ට හිමි සම්මානය හිරු නාළිකාව වෙනුවෙන් සම්මාන උළෙල සඳහා පැමිණි පිරිස ලබාගත් අතර එහිදී විශේෂ සිදුවීමක්ද සිදුවුණා.

ඒ මෙම අවස්ථාවට සහභාගී වී සිටි Original DJ අරා & පැස්බරා හෙවත් අරවින්ද ලොකුගේ හා දිස්නා මුණසිංහ හිරු නාළිකාවට සම්මානය හිමිවෙද්දී නැගී සිට සතුටින් අත්පොළසන් ලබාදීම වන අතර එම ක්‍රියාවට බොහෝ දෙනෙකුගේ ප්‍රසංශාවන්ද හිමිවුණා.

හිරු නාළිකාව සම්මානය ලබාගත්තද පැමිණ සිටි පිරිස මේ වනවිට සියත නාළිකාවේ සේවයට එක්ව සිටින Original DJ අරා & පැස්බරා වෙත පැමිණ සම්මාන හිරු නාළිකාවට ලබාදෙන්නට වූ කැපවීම වෙනුවෙන් ඔවුන්ට සුභපැතුම් එක්කිරීමද මෙහිදී කාගේත් අවධානයට යොමුවුණා.

වෙනත් නිවේදකයින් දෙදෙනෙකු යොදාගෙන මේ වන විට හිරු නාළිකාවේ විකාශය වන අරා පැස්බරා වැඩසටහන ශ්‍රේණිගතකිරීම් වල පහළට කඩාවැටෙමින් ඇති අතර සියත නාළිකාවේ Original DJ අරා & පැස්බරා වැඩසටහන මේ වන විට ක්‍රමයෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළටම පැමිණෙමින් තිබෙනවා.

කෙසේ නමුත් තමන්ට හිමි සම්මානය මේ වසරේදී හිරු මාධ්‍ය ආයතනය ලබා ගත්තද ලබන වසරේදී අරවින්ද ලොකුගේට සහ දිස්නා මුණසිංහට එය සියත නාළිකාව වෙනුවෙන් ලබා ගැනීමට හැකිවනු ඇති බව මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහො දෙනෙකුගේ මතයයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News