Citizen.lk
 

සියල්ල හෙළිවෙයි - පැස්බරාත් හිරු අතහැර සියතට එක්වෙයි

සියල්ල හෙළිවෙයි - පැස්බරාත් හිරු අතහැර සියතට එක්වෙයි | Disna Munasinghe Pasbara Joined Siyatha FM
Thu 26 January 2017 9:54 am
54,041 views

ශ්‍රී ලාංකීය ගුවන් විදුලි වංශකතාවේ පෙරළියක් ඇති කළ DJ අරා & පැස්බරා (අරවින්ද ලොකුගේ සහ දිස්නා මුණසිංහ) වැඩසටහන ලංකාව පුරා ශ්‍රාවකයින් අතර අතිශයම ජනප්‍රියත්වයට පත්වුණු අතර පසුගිය දිනෙක දැනගන්නට ලැබුණේ DJ අරා & පැස්බරා හිරු නාළිකාවෙන් ඉවත්ව ගිය පුවතකුයි.

DJ අරා මේ වන විට සියත ගුවන් විදුලියේ සේවය කරන අතර පැස්බරාගේ නික්ම යාම පිළිබඳව බොහෝ දෙනෙකු තොරතුරු විමසන්නට වුණේ ඇයගේ ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳව ඇතිවූ කුතුහලය නිසාවෙනුයි.

Citizen.lk අප විසින් ඇය පිළිබඳව තොරතුරු සොයා බැලූ අතර මේ වන විට ස්ථිරව දැනගන්නට ලැබෙන්නේ ඇයද DJ අරා සමඟින් සියත ගුවන්විදුලියට එක්ව ඇති බවයි.

වසර 11කට අධික කාළයක් ගුවන්විදුලි සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් නවමු ආකාරයේ රසවින්දයක් ශ්‍රාවකයින්ට ලබාදුන් DJ අරා & පැස්බරා නැවතත් ඔබට සමීප වන්නට මේ වන විටත් කටයුතු සියල්ල සූදානම්ව ඇති බව වැඩිදුරටත් තොරතුරු සොයා බැලීමේදී අපවෙත දැනගන්නට ලැබුණි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News