Citizen.lk
 
 

SLT Man Power සේවකයින් තවමත් මහපාරේ

SLT Man Power සේවකයින් තවමත් මහපාරේ   | SLT Man Power strick jan2017
Thu 12 January 2017 3:45 pm
3,758 views

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ 2100ට අධික ප්‍රමාණයක් සිටින ටෙලිකොම් සේවකයන් වූරෙන් වුර ගැටෙමින් වසර 15ත් 18ත් තිස්සේ ටෙලිකොම් ආයතනයේ දියුණුවට තමන්ගේ ලේ දහඩිය කැපකරපු Man Power සේවකයින් 2100ක් අද මහපාරට වැටිලා. මොවුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ස්ථිර කරන ලෙස යහපාලන රජයෙන් දුන් පොරොන්දුවත් , කම්කරු ඇමතිතුමා දුන් නිර්දේශයත්, විෂය බර ඇමති දුන් නියෝගයත්, ටෙලිකොම් පාලන අධිකාරිය පැහැර හැරීමට විරුද්දව දින 18ක් තිස්සේ දිවා රාත්‍රී අඛණ්ඩව දැඩි වෘතිය ක්‍රියා මාරිගයක යෙදී සිටිනවා.

මේ සේවක ඉල්ලීම් හමුවේ "වියරු" වැටි සිටින පාලකයෝ ඔවුන්ට තව දුරටත් වංචා දුෂණ කරගෙන යෑමට නොලැබෙයි කියලා මේ සේවකයිගේ සාදාරන ඉල්ලීම් ඉටු නොකර මහජනතාවට සහ මාධ්‍යට මේය වසන් කිරීමට කටයුතු කරමින් සිටිනවා නමුත් ඔවුන් බලා සිටින්නේ සේවකයින්ගේ දෛරීය ගැන නම්, සාධාරන අරගලය දියාරු කරන්න නම්, අපේ සහෝදරවරුන්ගේ ශක්තිය දෙගුණයකින් ගුණයකින් තුන් ගුණයකින් නෙවෙයි දහ ගුණයකි වැඩි කරලා ඉදිරියටත් අරගල ක්‍රියාමාර්ගයේම නිරත වී අපට සහයෝගය ලබා දී තිබෙන සහ සහයෝගය ලබා දෙමින් අප එක්ක එකට කටයුතු කරණ, ජාතික තලයේ වෘතිය සමිති , සිවිල් සංවිදාන, ශිෂ්‍ය ව්‍යාපාර එකතු කරගෙන ජාතික ප්‍රශ්ණයක් විදියට මේ ප්‍රශ්නේ විසදන්න දැනටමත් කටයුතු කර තිබේ.

හෙට අනිද්දා වෙද්දී මෙම ප්‍රශ්ණය ටෙලිකොම් ආයතනයට විසදන්න බැරි නම් සේවක මර්දනය දියත් කර ඒ වෙනුවෙන් අරගලය වෙනස් කර කම්කරු බලය වැඩිකර සටන ජයග්‍රහණයෙන් අවසන් කරන බවට දැඩි අධිෂ්ඨානයෙන් සියලුම සේවකයින්ම සුදානම්ව සිටිනවා කියන කාරණයත් මතක් කර යුතු බව සමස්ථ ලන්කා විදුලි සන්දේශ සේවක සන්ගමයේ චමින්ද වීරසිංහ මහතා කියා සිටියා

 

සටහන - ධනුජය රත්නායක 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News