Citizen.lk
OPPO
 

මේ දවස්වල සීතල භයානකයි - ප්‍රවේශම් වෙන්න මෙන්න උපදෙස්

මේ දවස්වල සීතල භයානකයි - ප්‍රවේශම් වෙන්න මෙන්න උපදෙස් | Cold Weather Island wide Sri Lana
Wed 11 January 2017 12:58 pm
38,826 views

ශ්‍රී ලංකාවට මේ දිනවල බලපා ඇති අධික ශීත කාලගුණික තත්ත්වය අලුත උපන් දරුවන්, ගැබිනි මවුවරුන් හා මහලු අයට අහිතකර ලෙස බලපා හැකි බවට වාර්තා වෙනවා.

ඒ නිසාවෙන් ඔවුන් පිළිබඳව විමසිලිමත් වන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එම අවදානම් කණ්‌ඩායම් ශරීර උෂ්ණත්වය නියමිත මට්‌ටමක පවත්වාගත හැකි ඇඳුම් පැළඳුම් හා හිස්‌ ආවරණ භාවිත කිරීම, උණසුම් ආහාර පාන වැඩි වශයෙන් පරිභෝජනය කිරීම, ඛනිජ ලවණ හා විටමින් බහුල ආහාර ගැනීම, මහලු අය, කුඩා දරුවන්, නිධන්ගත රෝගීන් සෙනඟ ගැවසෙන ස්‌ථානවලට යැමෙන් වැළැක්‌වීම, කිවිසුම් යැමේදී සොටු දියර ගැලීමෙන් පිරිසිදු ලේන්සුවක්‌ භාවිත කිරීම හා එය නිවැරදිව ඉවතලීම ද වැදගත්ය.

රෝගවලට වැඩි අවදානමක්‌ ඇති පුද්ගලයන්ට මුඛ ආවරණ පැලඳීම යෝග්‍යය. නිතර සබන් ගා අත් සේදීමෙන් විෂබීජ ව්‍යාප්ත වීම වළක්‌වා ගත හැකි බව වෛද්‍ය ජයරත්න මහතා කියයි.

ශ්වසන රෝග හා ඉන්ෆ්ලුවන්සා ගණයට අයත් උණ රෝග මෙම කාලයේ බහුල විය හැකි බැවින් කුඩා දරුවන්ට හා මහලු අයට හුස්‌ම ගැනීමේ අපහසුතාවන් පවතී නම් වහා වෛද්‍යවරයකු හමුවීම හෝ රෝහල් වෙත යා යුතු අතර ඇදුම රෝගීන් හා ඉන්ෆ්ලුවන්සා රෝගයට ගොදුරු වීමේ අවදානමක්‌ ඇති ගැබිනි මවුවරුන් ද තම රෝගී තත්ත්වයන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමුකළ යුතු බව හෙතෙම අවධාරණය කළේය.

Latest News

( 1,161 views)

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News