Citizen.lk
OPPO
 

මොහොමඩ්ගේ පිහි පහරින් වෙන්වුණු නභීෂාගේ අත නිසා මහනුවර ගමක පැතිරුණු ශරියා නීති කතාවේ නොදුටු පැත්ත

මොහොමඩ්ගේ පිහි පහරින් වෙන්වුණු නභීෂාගේ අත නිසා මහනුවර ගමක පැතිරුණු ශරියා නීති කතාවේ නොදුටු පැත්ත | Man hit with knife & girl hand cut Kandy dehianga
Mon 09 January 2017 9:38 am
41,872 views

පසුගියදා මහනුවර, මුරුතලාව, දෙහිඅංග ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාවකගේ ඇත මැණික් කටුවෙන් වෙන්වෙන්නට පිහිපහරක් එල්ලකළ අයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වුණා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා කටකතා පැතුරුණු අතර සැබෑ සිද්ධිය කුමක්දැයි කිසිවෙකු හරිහැටි නොදැන සිටියේ මේ පිළිබඳව තොරතුරු බොහෝ පාර්ශවයක් විසින් සැඟවූ නිසාවෙනි.

ඔවුන් මුස්ලිම් ජාතිකයින් නිසා ගමපුරා කතාවෙන්නට ගත්තේ ශරියා නීතියට ඔවුන් එසේ කර ඇති බවයි. නමුත් එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නට විය.

ඇයගේ අත කැපී සිරුරෙන් වෙන්ව තිබියදී එයට නැවති ජීවය දෙන්නට මහනුවර මහ රෝහලේ විස්‌මිත බද්ධයක්‌ සිදුකල වෛදවරුන් නිසා එම පුවතේ සත්‍ය තොරතුරු මෙලෙස කරළියට පැමිණියහ.

දිනය ජනවාරි දෙවැනිදා. වෙලාව හවස 7. නො 171 දෙහිඅංග මුරුතලාව කියන ලිපිනයේ පදිංචි වෙලා හිටියේ නභීෂා උම්මාහ් සහ ඇගේ ස්‌වාමිපුරුෂයා කාදර්. මේ දෙන්නා විවාහ වෙලා අවුරුදු දහයකුත් ඉවරයි. ඒත් දරු සුරතල් බලන්න ඒ දෙන්නාට දෙවියෝ වරමක්‌ දීලා තිබුණේ නැහැ. මේ දෙන්නා එක්‌ක නභීෂාගේ තාත්තාත් නැවතිලා හිටියේ මේ ගෙදර.

නභීෂාගේ නංගී සාලියාබිබී. ඇයගේ ස්‌වාමිපුරුෂයා මොහොමඩ් හලීම් මොහොමඩ්. මේ අඹුසැමියන් කාලයක්‌ ඔවුන්ගේ, දරුවෝ දෙන්නත් එක්‌ක ගෙලිඔය පැත්තේ කුඩා කුලී නිවාසයක ජීවත් වුණා. දරුවෝ නැතත් නභීෂාට මේ දරුවෝ දුක්‌ විඳින හැටි බලාගෙන ඉන්න බැරි වුණා. ඇය දරුවෝ දෙන්නත් එක බඩවැල කඩා ගෙන ආපු තමන්ගේ නංගිත් නංගිගේ ස්‌වාමියත් තමන්ගේ ගෙදරට ගෙන්වා ගත්තේ සැබෑම සහෝදර ස්‌නේහයෙන්. ඔවුන් ඇවිත් මේ වෙද්දි හරියටම මාස දෙකක්‌ විතර ඇති.

පවුල් දෙකක්‌ එක වහලක්‌ යට ඉඳගෙන එක බත් හැලිය ලිපේ තැබුවොත් කෙළවර වෙන්නේ නොහොඳ නෝක්‌කාඩුවෙන් කියන්නා වාගේ මේ දෙගොල්ලෝ අතරේ පුංචි පුංචි විරසක වරින් වර ඇති වුණා. මොහොමඩ් හලීම්ගේ ඔළුවෙත් එක එක ප්‍රශ්න තිබුණා. ඒ අතරේ මේ ගෙදරම දිගටම ඉන්න තිබුණා නම් කියලත් කල්පනා කළා. එදා හවස රණ්‌ඩුව පටන් ගත්තේ පුංචි වචන හුවමාරුවකින්. හිතුවේ වත් නැති විදිහට මොහොමඩ් දරුණු වෙලා අක්‌කා නගෝ දෙන්නා එක්‌කම රණ්‌ඩු සරුවල් කළා.

රණ්‌ඩුව කොයිතරම් දුරදිග ගියාද කියනවා නම්, මොහොමඩ් එයා ළඟ තිබුණ පිහියෙන් අක්‌කාට වැරෙන් ගහපු පහරට අක්‌කාගේ අත මැණික්‌ කටුව ළඟින් වෙන්වුණා. නංගි විලාප තියාගෙන මොහොමඩ් ගේ අතේ තිබුණ පිහිය උදුරන්න ගිහාම මොහොමඩ් එයාටත් පිහියෙන් ගැහුවා. නංගිත් පිහිපාර කාලා ලේ විසුරුවාගෙන. අක්‌කාගේ වෙන්වුණ අතෙන් නොනැවතී ලේ ගලනවා.

නභීෂාගේ මහත්තයා නභීෂාව ත්‍රිරෝද රථයක දාගෙන පේරාදෙණිය පොලිසියට ගිහින් පැමිණිල්ලට අදාළ සාක්‌ෂි හෙවත් නභිෂාව පෙන්නලා පේරාදෙණිය රෝහලට නභිෂාව ඇතුළත් කළා. අත මැණික්‌ කටුව ළඟින් වෙන්වුණු කොටස සින්ක්‌ එකේම දාලා ඇවිත් තිබුණ නිසා වෛද්‍යවරු නභීෂාගේ තාත්තාව ගෙදර යෑව්වා ඉක්‌මනින් අත අරගෙන එන්න කියලා. එදා පේරාදෙණියේ රෝහලට හදිසි ශල්‍යකර්ම සඳහා ඇතුළත් වන රෝගින් භාරගන්න දවසක්‌ නෙවෙයි. රෑ 8 විතර වීමත්, නභීෂාගේ ඇඟෙන් ලේ ගිහින් සුදු මැලිවෙලා තිබුණ නිසාත්, වෛද්‍යවරුන්ට සම්ප්‍රදාය බිදින්න සිදුවුණා.

පේරාදෙණිය රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ජයබන්දු හේරත් මහතා ශල්‍ය වෛද්‍ය කණ්‌ඩායමට කියා තිබුණේ, හැකි ඉක්‌මනින් මේ රෝගියාගේ ජීවිතය බේරාගන්න සහ අත නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන්න උත්සාහ කරන්න ලෙඩා ආපහු යවන්න එපා කියා පමණයි. ඒ අනුව විශේෂඥ ශල්‍ය වෛද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්‌. බී. ගල්කැටිය මහතා වගකීම භාර ගත්තා.

මේ අතරේ නංගි මහනුවර රෝහලට ඇතුළත් කළා. පේරාදෙණිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් ආරියවංශ මහතා මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට අවැසි නීතිමය පියවර ගැනීමට කටයුතු කළා.

නභීෂාගේ වෙන්වුණු අතේ මැණික්‌ කටුවෙන් ඉදිරියට වූ කොටස එයාගේ තාත්තා ඉක්‌මනින් රෝහලට රැගෙන ආවා. මේ වෙනකොට නභිෂාට අමතර රුධිරය වෙනත් ඖෂධ වර්ග සියල්ලක්‌ම දීලා තරමක්‌ යථා තත්ත්වය පත්වෙලා සිටියේ. ඒනිසා වෛද්‍යවරු ඇයගේ අත බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කරන්න සූදානම් වුණා.

ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගල්කැටිය මහතාගේ උපදෙස්‌ අනුව ශල්‍ය වෛද්‍ය ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී (SR) වෛද්‍ය රංග අනුරාධ හීන්දෙණිය මහතා ශල්‍යකර්මය සිදු කිරීමේ වගකීම භාර ගත්තා.

මගේ වෛද්‍ය ජීවිතයේ මෙයට පෙර අවස්‌ථා දෙකකදී මෙවැනිම ශල්‍යකර්ම දෙකක්‌ සිදුකරන අවස්‌ථාවල මා ඊට සහාය වෛද්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා. මහාචාර්ය ළමාවංශ සර් ශල්‍යකර්ම සිදුකරන අන්දම මම හොඳින් බලාගෙන ඉඳලා තිබෙනවා. මේ සේරම මට ලොකු ශක්‌තියක්‌ වුණා මේ අවස්‌ථාවේ. ලෙඩාගේ අත කැපුව වෙලාවෙම දාලා තියෙන්නේ ගෙදර මුළුතැන්ගෙයි ඉදුල් සෝදන බේසමේ (සින්ක්‌). ඒ නිසා අතට විෂබීජ ඇතුල් වෙන්න තිබෙන ඉඩ කඩ බොහොම වැඩියි. අනිත් කාරණය අත ගෙනැත් තිබුණේ අයිස්‌ වල දාලා. කෙටි වෙලාවකින් ගෙනැත් තිබෙන නිසා ඉන් ලොකු අනතුරක්‌ වෙන්න තිබුණ ඉඩ අඩු වුණා.

නමුත් සාමාන්‍ය ජනතාව දැනගතම යුතු කාරණාව තමයි හදිසි අනතුරකදී සිරුරේ යම් කොටසක්‌ සිරුරෙන් ඉවත් වූයේ නම්, එය රෝහලට ගෙන ආ යුතු ක්‍රමය. අත වියළි පොලිතින් කවරයක දමා ගැටගසා ඇතුළට වතුර නොයන සේ තැබිය යුතුයි. පසුව එම කවරය වතුර සහ අයිස්‌ සහිත භාජනයක හෝ වෙනත් කවරයක දමා ප්‍රවේසම් සහිතව ගෙන ආ යුතුයි. එවිට සෛලවලට හානි වීම අවම තත්ත්වයේ පවත්වා ගත හැකියි. තුවාලයක වතුර ගෑවුණ විට සෛල මියයනවා.

ශල්‍යකර්මයේදී වෛද්‍යවරුන් වන දසනායක, උපුල්, සඳුනිකා, මුෂාරෆa, ලොකු සහායක්‌ ලබා දුන්නා.

මුලින්ම නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වසන්ති ප්‍රින්ටෝ සහ වෛද්‍ය ලෝචන පෙරේරා යන වෛද්‍යවරුන් රෝගියා නිර්වින්දනය කළා. පසුව වෙන්වුණු අත බද්ධ කිරීම සඳහා කෙරෙන මූලික බද්ධ කිරීමේ කටයුතු ලෙස අත හොඳින් පිරිසිදු කරලා රුධිර වාහිනි සම්බන්ධ කිරීම් සිදු කළා. ධමනි දෙකක්‌ ශිරා තුනක්‌ බද්ධ කරන්නත් ස්‌නායු සියල්ල යථාපරිදි නැවත සකසන්නත් අපට හරියටම පැය හයකට වැඩි කාලයක්‌ ගත වුණා. අත බද්ධ කිරීමට වෛද්‍ය කණ්‌ඩායම් දෙකක සහාය අවශ්‍යයි. ස්‌නායු හා ධමනි ශිරා බද්ධ කිරීම ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිදු කළ අතර විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුරවිර මහතාගේ උපදෙස්‌ මත වෛද්‍ය සෆaරාස්‌ අත කම්බි සහ අවශ්‍ය යකඩ කූරු යොදා බද්ධ කිරීම් සිදුකළා.

මෙම කාර්යයයේදී පේරාදෙණිය ශල්‍යාගාරයේ ප්‍රධාන හෙද සොයුරිය යූජිනි, සහාය හෙදියන් වන සදා, සානා සහ කුමුදුනී සෞඛ්‍ය කාර්යය සහායක සාමින්ද යන කණ්‌ඩායම දැක්‌වූ සහාය නොවන්නට මෙම ශල්‍යකර්මය සාර්ථක කරගන්න බැහැ. මේ කාර්යයට එක්‌වූ පිරිස එකා වගේ වැඩකළ නිසයි ශල්‍යකර්මය සාර්ථකව නිමකළේ. ගැටලුවකට තියෙන්නේ , අත ඉඳුල් සෝදන බේසමේ පැයකට ආසන්න කාලයක්‌ තිබිලා තියෙනවා. එහිදී විෂ බීජ ආසාදනය වීම හරහා බද්ධ කළ අතට හානියක්‌ ඇති වේද යන සැකය පමණයි. මුල් දින දෙක තුන කාලයේ බද්ධ කළ කොටස්‌ දෙක අතර ඉතා හොඳ රුධිර සංසරණයක්‌ සිදු වුණා. නමුත් තැන තැන පුංචි පුංචි සංකූලතා ඇතිවන අන්දමක්‌ 6 වනදා වනවිට පෙන්නුම් කරනවා. අපේ කාර්යය අපි උපරිම කැපවීමෙන් සිදු කළ බව කියන්න පුළුවන්.

වෛද්‍ය රංග හීන්දෙණිය කියා සිටියා.

මෙය ඉතාම දරුණු ගණයේ කෝපය පිටකිරීමක්‌. මිනිස්‌සු ආවේගශීලි වුණාම මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ. පවුල් ආරවුල් කියන්නේ විවිධ හැල හැප්පීම් එක්‌ක ගැටෙන දෙයක්‌ තමයි. නමුත් මේවා මිනිස්‌ ජීවිත හානි වන තරමට ඉදිරියට යනවා නම් ඒවා දරුණු ගණයේ අපරාධයක්‌ බවට පත්වෙනවා.

තමන්ගේ නිවසේ දෙන්නකුට පිහියෙන් ඇනලා කියන්නේ මහා අපරාධයක්‌. දැනට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා වෙත ඉදිරිපත් කළා. ඒ අනුව සැකකරු ලබන 13 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කොට තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

OL Exam 2016 - Best Results Second Place Mahamaya College  | සාමාන්‍යපෙළින් මහනුවරට දෙවන ස්ථානය ගෙන ආ මහාමායා සිසුවියගේ ජයගමන
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO