Citizen.lk
 
 

බොලිවුඩ් සිනමාවේ තිරගත වන අලුත්ම දැවැන්ත චිත්‍රපටය

බොලිවුඩ් සිනමාවේ තිරගත වන අලුත්ම දැවැන්ත චිත්‍රපටය | Dangal actor aamir khan
Wed 04 January 2017 3:12 pm
3,867 views

වසර දෙකකට පසුව බොලිවුඩ් සිනමාවට යළි පිවිසෙන අමීර් ඛාන්ගේ අලුත්ම චිත්‍රපටය "දංගල්" එළැබූන දෙසැම්බර් 23 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කෙරුනා. දෙසැම්බර් මාසයේ තිරගත වුන සුපිරි චිත්‍රපටයක් වන "දංගල්" වසර පුරා බොලිවුඩ් සිනමාලෝලින් පුලපුලා බලා සිටි බොලිවුඩ් චිත්‍රපටයක්ද වේ.

කතාව පිළිබද හැදින්වීමක් කරනවා නම් මන්වීර් සිං ඉන්දියාවෙන් බිහිවූ දක්ෂ මල්ලවපොර ශූරයෙකි. ඔහු සමගින් සෝභා කෞර් විවාහ වී සිටියි. මන්වීර් සිහින දකින්නේ ක්‍රීඩාවේ මෞලී මංගල්‍යය වන ඔලිම්පික් උලෙළට සහභාගි වී රන් පදක්කමක් දිනාගැනීමටය. එහෙත්, අවාසනාවන්ත ලෙස ඔහුට එම සිහිනය සඵල කර ගැනීමට නොහැකි වෙයි. කෙසේ වෙතත්, ඔහු මල්ලවපොර ක්‍රීඩාවට ඇති කැමැත්ත හා ආදරය නිසා මන්වීර් සිංගේ දියණියන් වන ගීතා හා බාබිතා මල්ලවපොර ක්‍රීඩාවට යොමු කරයි. ගීතා හා බාබිතා වරක් පිරිමි ළමයෙකුට පහර දී නිවසට පැමිණෙන විට මන්වීර් මෙම ක්‍රීඩාවේ බරපතළකම තේරුම් ගනියි. වැරදි වැටහීමක සිටින තම දරුවන් දෙදෙනා නිසි පුහුණුවක් නොලැබීම හරහා මෙසේ දරදඬුව සිටින බව පෙනි යයි. පසුව ඔහු විසින් සිය දරුවන්ට පුහුණු කරන්නට පටන් ගනියි. ඔහුගේ පුහුණුව තම ගීතා හා බාබිතා දෙදෙනා ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සඳහා සුදසුකම් ලබාගනියි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

PM at PCoI | අගමැති බැදුම්කර කොමිසමේ
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x