Citizen.lk
OPPO
 

මිලියන 25කට පයින් ගසා ප්‍රතිවාදීන් හා එක්වුණු ලෝකප්‍රසිද්ධ නිවේදිකාව අපේ රටේ මීඩියාවලට දුන් ආදර්ශය - වීඩියෝ

මිලියන 25කට පයින් ගසා ප්‍රතිවාදීන් හා එක්වුණු ලෝකප්‍රසිද්ධ නිවේදිකාව අපේ රටේ මීඩියාවලට දුන් ආදර්ශය - වීඩියෝ | Fox News anchor Megyn Kelly leaving to join NBC
Wed 04 January 2017 11:53 am
8,797 views

ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්ව ඇති FOX NEWS නාළිකාවේ වසර 10කට අධික කාලයක් සේවය කළ  මාධ්‍යවේදිනියක හා නිවේදිකාවක් වූ Megyn Kelly ඉන් ඉවත්වී තිබෙනවා.

ඇය එලෙස ඉවත්ව ඇත්තේ FOX NEWS නාළිකාවේම තරඟකාරී තවත් නාළිකාවක් වූ NBC NEWS නාළිකාව වෙත ගොස් එහි සේවය කිරීමයි. FOX NEWS නාළිකාවෙන් ඉවත් නොවී සිටීම සඳහා ඇයට ඇමරිකානු ඩොලර් මිලියන 25ක මුදලක් ගෙවීමට ඔවුන් එකඟ වූ නමුත් ඇය ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වසර 10කට අධික කාලයක් FOX NEWS හි ප්‍රධාන නිවේදිකාවක් වූ ඇය වටා විශාල ප්‍රමාණයක රසිකයින් පිරිසක් එක්ව සිටි අතර පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේදීද ඇයගේ මතයන් සම්බන්ධයෙන් බොහෝ තැන්වල කතාබහක් ඇතිවුණා.

කෙසේ නමුත් තමන්ගේ නාළිකාවෙන් ඉවත්යන ඇයට නාලිකාව වෙනුවෙන් සමුදෙන්නට අවස්ථාවක් උදාකරන්නට FOX NEWS කටයුතු කර තිබෙනවා. ඒ ඔවුන්ගේම මැදිරියේ ඇයගේ අවසන් කතාවට ඉඩ දෙමින් වන අතර FOX NEWS වෙබ් අඩවියේද ඇයගේ ඉවත්වීම සම්බන්ධයෙන් වන වීඩියෝව පළකර තිබුණා.

අප රටේ ඇති මාධ්‍යජාල අතර පවතින තරඟය නිසාම මෙලෙසින් තමන්ගේ නාළිකාවෙන් ඉවත්ව යන කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ නිවේදක නිවේදිකාවකට ඔවුන් වටා එක් වුණු රසික රසිකාවියන්ට සමුදෙන්නට අවස්ථාවක් ලබා නොදෙන බව අප කවුරුත් දන්නා කරුණක්.ෙ

ඇතැම් අවස්ථාවල එලෙස ඉවත්ව යන පිරිස් තමන් සේවය කළ ස්ථානයෙන් පිටව ගියේ සිත්තැව්ලෙන් බව ඔවුන් ඉවත්ව ගිය පසු ලබාදුන් විවිධ සම්මුඛ සාකච්ඡාවලදී පවසා තිබුණා.

නමුත් ලෝකය පුරා ප්‍රසිද්ධව ඇති මෙවන් නාළිකා තුළින් තමන්ගේ ප්‍රතිවාදීන් හා එක්වන තමන්ගේම අය පිළිබඳව පවා ප්‍රසිද්ධියේ පවසන්නට අවස්ථාවක් ලබාදෙන්නට තරම් ඔවුන් නිහතමානී වීම අප රට තුල ඇති මාධ්‍යජාලයන් රැසකට ආදර්ශයක් වනු නොඅනුමානයි.

මේ ඇය ඉවත්ව යන බව පවසන්නට FOX NEWS නාළිකාවෙන් ඇයට ලබාදුන් අවස්ථාවයි....

Latest News

You may also like

Latest Videos