Citizen.lk
OPPO
 

Passengers

Passengers | Passengers trailer
Wed 28 December 2016 6:16 pm
1,347 views

ජෝන් පේස්ට්ගේ කතාවක් ඇසුරින් නිර්මාණය වුණ "Passengers" චිත්‍රපටය එළැබුණ දෙසැම්බර් 21 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු තවත් සුපිරිම චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ධනයක් ලෙස නිර්මාණය වුණ මෙම චිත්‍රපටය මේ වසරේ තිරගත වන අවසන් හොලිවුඩ් සුපිරි චිත්‍රපටය වීමද විශේෂත්වයක්.

ස්කා සම්මානලාභි ජෙනිෆර් ලෝරන්ස් මෙහි එන "අවුරෝරා ලේන්" මාධ්‍යවේදිණිය ලෙසත්, ක්‍රිස් ෆ්‍රැට් කාර්මික ඉංජිනේරුවෙකු වන "ජිම් ප්‍රේස්ටන්" ලෙසත් මෙහි ප්‍රධාන චරිත සඳහා දායක වෙති. ඔවුන්ට අමතරව, මයිකල් ශීන්, ලොරේන් ෆිෂ්බන්, ඇන්ඩි ගාර්ෂියා, අරෝරා ෆෙර්නෙග් සෙසු චරිත සඳහා දායක වෙනවා.

කොළොම්බියා පික්චර්ස් සමාගමේ බෙදාහැරීමක් වන "Passengers" චිත්‍රපටය මෝර්ටන් ටයල්ඩ්‍රන්ගේ සිනමා අධ්‍යක්ෂණයක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටය නිෂ්පාදන බරපැන දරා ඇත්තේ නීල් එච්.මොරියස් විසින්.

නව ග්‍රහ ලොවක් සොයා යන ගවේෂයෙකු වටා මෙහි කතා තේමාව ගොඩනැගී තියෙන්නේ. ජිම් ප්‍රේස්ටන් නම් වූ ඔහුට මෙම කාර්යයට සහය දක්වන්නේ ඔහුගේ පෙම්වතිය වන මාධ්‍යවේදිනි අවුරෝරා ලේන් විසින්. විවිධ මතවාද ඔස්සේ මෙම කටයුත්ත ඉදිරියට ගෙනායමට උත්සාහ කරන ජිම්ට නිතැතින්ම ඔහුගේ පෙම්වතිය අවුරෝරා උදව් දෙනවා. මෙම කාර්යය නිෂ්ඵල බව කියන්නට බොහෝ පිරිසක් සිටියද, අවුරෝරා මෙන්ම ජිම්ද මෙම ව්‍යාපෘතිය සාර්ථක වන බව පවසනවා. අවසානයේ සිදුවන්නේද එයමයි. නමුත්, මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට ඔවුන් දෙදෙනාට අභියෝගවලට මුහුණ දීමට සිදුවෙනවා. චිත්‍රපටය පුරා දිවයන්නේ එවැනි සිදුවීම්.

විනාඩි 116ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් පසුගියදා නිකුත් කරනු ලැබූ අතර, එය මේ වනවිට මිලියන 10කට අධික පිරිසක් නරඹා තියනවා. සිනමා විචාරකයන් පවසන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වය එම ප්‍රචාරක පටය හරහා මේ වනවිටත් ලැබෙමින් පවතින බවයි.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය තිරගත වන දිනයේදී හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් තිරගත කිරීමට සූදානම් කර තිබෙන බව සඳහන් වෙනවා. ඉන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගෙන ඇත්තේ ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩාවක් පදනම් කරගෙන නිර්මාණය වූ "Assassin's Creed" චිත්‍රපටයය. මෙම චිත්‍රපටය ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය කර ඇත. කතාමය චිත්‍රපටයක් වන "Patriots Day" චිත්‍රපටයද එදිනම තිරගත කිරීමට නියමිතව තියනවා. මේ නිසාම %Passengers^ චිත්‍රපටයට යම් අභියෝගයක් එල්ල වී තිබෙන බව දක්නට තියනවා.

 

Latest News

( 1,164 views)

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News