Citizen.lk
OPPO
 

ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ට ප්‍රථම වරට ඩිජිටල් පොලී අනුපාතයන් හඳුන්වා දීම වෙනුවෙන් සෙලාන් බැංකුව, ඩයලොග් ආසිආටා සමඟ එක්වෙයි

ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ට ප්‍රථම වරට ඩිජිටල් පොලී අනුපාතයන් හඳුන්වා දීම වෙනුවෙන් සෙලාන් බැංකුව, ඩයලොග් ආසිආටා සමඟ එක්වෙයි | Seylan Bank and Dialog Axiata enters into a strategic partnership to introduce Digital interest for the first time in Sri Lanka
Mon 19 December 2016 3:12 pm
2,290 views

ශ‍්‍රී ලාංකේය තාරුණ්‍ය සඳහාම වන නවතම ‘සෙලාන් සෙල්ෆි’ ගිණුම සෙලාන් බැංකුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ මෙරට බැංකු ක්ෂේත්‍රයේ සුවිසල් පෙරළියක් ඇති කරමිනි. තවද ආකර්ෂණීය ඉතුරුම් සහ මූල්‍ය සේවා හරහා සිය ගනුදෙනුකරුවන්ට වඩා වැඩි ප‍්‍රතිලාභ හිමි කර දීම වෙනුවෙන් සෙලාන් බැංකුව ඩයලොග් ආසිආටා සමඟ අත්වැල් බැඳගනු ලැබීය.

මේ හරහා ‘සෙලාන් සෙල්ෆි’ ගිණුම් හිමියන්ට සිය මාසික බැංකු පොලී අනුපාතයන් රී-ලෝඩ් ලෙස ඩයලොග් සබඳතා සහිත ජංගම දුරකතන සඳහා ලබා ගැනීමට අවස්ථාව උදාවේ. එසේම ඩයලොග් සබඳතා සහ උපාංග මිලදී ගැනීමේදී සෙලාන් සෙල්ෆි ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් හිමි කර ගැනීමටද හැකියාව ඇත.

ඉදිරියේදී ‘සෙලාන් සෙල්ෆි’ ගිණුම් වලින් ඔබ්බට යමින් අනෙකුත් ගිණුම් සඳහාද මේ ආකාරයේ ඩිජිටල් පොලී ක‍්‍රමයන් හඳුන්වා දීම සෙලාන් බැංකුවේ අරමුණයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Colombo Mahanama Students Enter To Yashodaradevi Balika School  | මහානාම සිසුන් පිරිසක් කොළඹ බාලිකා විදුහලකට කඩාපනී
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO