Citizen.lk
OPPO
 

එදා නින්දෙන් නැගිටිලා පිට්ටනියට ගිහින් අන්තිමට බෝලෙට 6ක් ගහලා මැච් එක දිනවපු හැටි ගැන සචිත්‍ර අද හිනාවෙවී කියන කතාව

එදා නින්දෙන් නැගිටිලා පිට්ටනියට ගිහින් අන්තිමට බෝලෙට 6ක් ගහලා මැච් එක දිනවපු හැටි ගැන සචිත්‍ර අද හිනාවෙවී කියන කතාව | Sri Lanka Tour South Africa Sachithra Senanayeka Speaks
Mon 19 December 2016 12:30 pm
10,352 views

දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරතවන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පුහුණු තරඟයකටද සහභාගී හමාරය. මෙලෙස දකුණු අප්‍රිකානු සංචාරයන් අතර ශ්‍රී ලංකා පිලට අමතක නොවන අත්දැකීමක් එක්කල තරඟයක් ඔබටද මතක ඇත.

ඒ අවසන් පන්දුවකට ලකුණු 6ක් ලබාගෙන නොසිතූ ජයග්‍රහණයකට ශ්‍රී ලංකාව ගෙනගිය සචිත්‍රගේ වික්‍රමය පෙන්වූ තරඟයයි. දකුණු අප්‍රිකානු තරඟාවලිය ආරම්භ වන්නට තිබියදී ඒ ගැන මතකය අවධිකරමින් සචිත්‍ර මෙසේ පවසා තිබේ.

"දකුණු අප්‍රිකාව වගේ කණ්ඩායමකට එරෙහිව පළමු තරගය ක්‍රීඩා කරන්න ලැබේවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. අනෙක නොසිතූ අවස්ථාවක මට යන්න ලැබුණේ. මොකද හේතුව අජන්ත මෙන්ඩිස්ගේ ආබාධයක් ඇතිවුණා. ඒ නිසයි අවස්ථාව ලැබුණෙ. එහෙම ගිහිල්ල මට බැට් කරන්න හම්බවුණු පළමු තරගයේදීම ලකුණු 6ක් ගහලා තරගයක් දිනවන්න ලැබුණු එක මගේ ලොකු වාසනාවක්. මම යනකොට මැචස් තුනක් ඉවරයි. මම ගියපු දවසෙම පහුවදා ප්‍රැක්ටිස් කළා. ඊළඟ දවසෙ මැච් එකට ගැහැව්වා. ඩිල්ෂාන් අයියා කැප්ටන් කළේ. මම ගෙන්නුවෙ කෙළින්ම ගස්සන්න කියලා ඩිල්ෂාන් අයියා කිව්වා. එයා නිසා තමයි ඇත්තටම මට ලංකාවට ගහන්න පුළුවන් වුණේ"

"ඒ කියන්නේ ගොඩක් අලුත් ක්‍රීඩකයෝ නැෂනල් ටීම් එකට ක්‍රීඩා කළේ ඒ කාලෙ. චන්දිමාල්, තිරිමාන්න, මම, සීක්කු ඔය ඔක්කොමල ආවෙ ඩිලී අයිය ඉන්න කාලේ. එදා දකුණු අප්‍රිකාවට යද්දී මගේ ඔළුවේ තිබුණේ කවදද නැෂනල් ටීම් එකට යන්නේ කියන එක විතරයි. ඒ හැර වෙන දෙයක් හිතට ආවෙ නැහැ. එහෙම ගිහිල්ල හම්බවුණු ෆස්ට් මැච් එකේ ගහන්න ලැබුණෙ නැහැ. සෙකන්ඩ් මැච් එකේ ගැහැව්වේ. ඒකෙදි ඉතිං මුල්ම ලකුණ 6කින් ගහන්න පුළුවන් වුණා (සිනාසෙමින්...)"

"අපි හිතාගෙන හිටියේ අපි මැච් එක ලෙහෙසියෙන් දිනාවි කියලා. කුමාර් 100ක් ගහලා තිබුණා. තිරී හැට ගාණක් ගහලා විකට් එකේ හිටියා. මම හිතුවෙ නැහැ මට ගිහින් ගහන්න වෙයි කියලා. එක පිට විකට් දෙකක් ගියාම තමයි මම පෑඩ්ස් දෙක දාගන්නත් ගියේ. මම ලෑස්ති වෙලා හිටියෙ නැහැ. මට නින්ද ගිහිල්ල හිටියේ. විකට් යද්දි මාවන් අයිය කෑගහල කිව්වෙ අන්න විකට් යනවා බැට් කරන්න සූදානම් වෙන්න කියලා. බැට් කරන්න යද්දී මම කීයක්ද ගහන්න ඕන කියලවත් මට කිසිම අයිඩියා එකක් තිබුණේ නැහැ. මගේ ඔළුව තනිකරම හිස්. මම යනකොට අනෙක් පැත්තෙ හිටියේ රංගන අයියා. මම ග්‍රවුන්ඩ් එකට යද්දී මුලින්ම හම්බවුණේ කෝසල කුලසේකර. මම ඇහැව්වා "කීයක් ගහන්න ඕනෑද" කියලා. එයා මට පිටට තට්ටුවක් දාලා කිව්වා 5ක් ගහන්න ඕන කියලා. කෝසල මාවන් අයියට (බැටිං කෝච්) කියල තිබ්බා 'උෟ ගහල ඒවි බයවෙන්න එපා' කියලා විකට් එකට ගියාට පස්සේ වුණු දේ විස්තර කළේ මෙහෙමයි.

"මම පළමුවැනි බෝලෙටත් ගහන්න හිතන් හිටියේ. ඒත් මට ඕන තැනට වැටුණෙ නැහැ. ඒ හින්ද මම ඩිෆෙන්ස් කළා. දෙවැනි බෝලෙට 6ක් ගැහැව්වා. කොහොමත් මම චාන්ස් එකක් අරගෙන ගහනවා කියලා ගිය ගමන් රංගන අයියට කිව්වා. මොකද මම එකක් ගැහැව්වොත් අන්තිම බෝලෙට රංගන අයියට 4ක් ගහන්න වෙනවානේ".

ඔක්කොටම පුදුමයි. කවුරුත් හිතුවෙ නැහැ මම එහෙම කරයි කියලා. මමවත් හිතාගෙන හිටියේ නැහැ මම එහෙම කරාවි කියලා. මට පීඩනයක් තිබුණෙත් නැහැ. එන බෝලෙට ගහනවා කියලා විතරයි හිතුවේ. ඒ ග්‍රවුන්ඩ් එකේ මගේ පළමු තරගයත් ඒක. මට නින්ද යන්න හේතුව වුණේ වෙලාවෙ වෙනස නිසයි. ගිහිල්ලත් දවස් තුනයි ගතවෙලා තිබුණේ.

Latest News

You may also like

Latest Videos