Citizen.lk
OPPO
 

බ්‍රසීලෙන් එන සීනි බහාලුම් වල කෝටි ගණන් වටිනා කොකේන් හමුවීම පිටුපස සැඟවුණු ඇත්ත කතාව - වීඩියෝ

බ්‍රසීලෙන් එන සීනි බහාලුම් වල කෝටි ගණන් වටිනා කොකේන් හමුවීම පිටුපස සැඟවුණු ඇත්ත කතාව - වීඩියෝ | True Story Behind Cocaine Arriving in Sugar Containers to Sri Lanka
Fri 09 December 2016 10:11 pm
6,782 views

ශ්‍රී ලංකාවේ වැඩිවශයෙන් පරිභෝජනය වන සීනි විදේශය රටවල් වලින් ආනයනය කරන අතර එයින් අඩුම පිරිවැයකට ශ්‍රී ලංකාව වෙත ලඟා වෙන්නේ බ්‍රසීලයෙන් ගෙන්වන සීනි වේ.

නමුත් එලෙ‍ස බ්‍රසීලයෙන් ශ්‍රී ලංකාවට නැව්ගත කරනු ලබන සීනි බහාලුම්වලට බ්‍රසීලයේ සිටින ජාවාරම්කරුවන් විසින් කොකේන් අන්තර්ගත කිරීමට පුරුදුව සිටිනවා. එම කන්ටේනර් තුල කොකේන් හසුරා ඔවුන් ඒවා යුරෝපා රටවල්වලට යවන අතර ඒ නිසා ශ්‍රී ලංකාවට සීනි ගෙන්වීමේදී මෙය බලවත් අර්බුදයකට ලක්‌ව තිබෙන බව ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියා.

ඔවුන් එය සිදුවන ආකාරයද සවිස්තරව පෙන්වා දුන් අතර ඔවුන් පවසන පරිදි බ්‍රසීලයෙන් නැව්ගත කරනු ලබන සීනි යුරෝපය හරහා නැව් මාරුවක්‌ ලෙස පැමිණීමේදී ජාවාරම්කරුවන් සීනි බහාලුම් තුළට කොකේන් ඇතුළත් කරන බව ද නැව් මාරුවේදී කලට වේලාවට මෙම කොකේන් තොග ඉවත් කර ගැනීමට නොහැකි වීමෙන් එම කොකේන් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු හේමක ප්‍රනාන්දු මහතා මෙම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අප රට කොකේන් පරිභෝජනය කරන රටක්‌ නොවී තිබියදී ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන සීනි බහාලුම් තුළ කොකේන් තිබීමෙන් සීනි ආනයන කර්මාන්තය අපකීර්තිමත් කර්මාන්තයක්‌ බවට පත්වෙමින් තිබෙන බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ බ්‍රසීලයේ සිනී මිලදී ගැනීම ඉතා ලාබදායි වූවත් මින් පසුව බ්‍රසීලයෙන් සීනි මිලදී නොගැනීමට සීනි ආනයනකරුවන් තීරණය කර ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් එකඟතා ගිවිසුමකට අත්සන් කර තිබෙන බවයි.

මෙලෙසින් දැනට බහාලුම් කීපයකම තිබී කොකේන් හමුවූ අතර මේ වන විටත් බ්‍රසීලයෙන් ආනයනය කල සීනි බහාලුම් 510 ක්‌ දැනට වරායේ තිබෙන බවත් තවත් බහාලුම් 380 ක්‌ මුහුද මැද තිබෙන බවත් ඔවුන් පවසනවා. ඒ අනුව මෙම බහාලුම් 890 පිළිබඳව ශ්‍රී ලංකා රේගුව දැනුවත් කර තිබෙන බව ද පවසන ඔවුන් එම බහාලුම් තුළ කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු වුවහොත් ඊට ශ්‍රී ලංකා සීනි ආනයනකරුවන්ගේ සංගමයට වගකිව නොහැකි බව ද පවසා සිටිනවා.

 

Latest News

( 1,162 views)

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News