Citizen.lk
OPPO
 

මාලිංග සමඟින් මහේලත් මුම්බායි ඉන්දියන්ස් පිලට එක්වෙයි

මාලිංග සමඟින් මහේලත් මුම්බායි ඉන්දියන්ස් පිලට එක්වෙයි | Mahela Coach In Mumbai Indians
Sat 19 November 2016 10:00 am
3,696 views

 

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කර ඇති බවට වාර්තා වෙනවා. මීට පෙර මුම්බායි ඉන්දියන්ස් පිලේ හිටපු පුහුණුකරු වූයේ රිකී පොන්ටින් වන අතර ඔහු වෙනුවටයි මේ වන විට මහේලට එම ස්ථානය හිමිව ඇත්තේ.

රිකී පොන්ටින් අයි පී එල් තරඟාවලි 4ක් සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු ධූරය දැරුවා.

මෙවන් කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ධූරය හිමිවීම තාමට විශාල ගෞරවයක් බව මහේල පවසා තිබෙනවා.

අඥාදායක නායකයෙකු හා දක්ෂ පිතිකරුවෙකු වන මහේල 2017 අයි පී එල් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ වගකීම දරනු ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් පිලේ බළධාරීන් පවසා තිබෙන්නේ.

එම කණ්ඩායමේ හිමිකාරිනිය වන නීටා අම්බානි පවසා ඇත්තේ මහේල මෑත කාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ තීක්ෂණ නුවණකින් හෙබි පුද්ගලයෙකු බවත් ඔහුව සාදරයෙන් පිලිගන්නා බවත්ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Colombo Mahanama Students Enter To Yashodaradevi Balika School  | මහානාම සිසුන් පිරිසක් කොළඹ බාලිකා විදුහලකට කඩාපනී
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO