Citizen.lk
OPPO
 

පාවිච්චි කරන්නත් එපා, මිලදී ගන්නත් එපා, Samsung Note 7 ආ පයින් නොඑන්නම යයි - වීඩියෝ

පාවිච්චි කරන්නත් එපා, මිලදී ගන්නත් එපා, Samsung Note 7 ආ පයින් නොඑන්නම යයි - වීඩියෝ | Samsung appears to pull the plug on problematic Galaxy Note 7
Tue 11 October 2016 10:28 am
3,418 views

සැම්සුන් සමාගම අලුතින් කරළියට ගෙන ආ නෝට් 7 දුරකථනය පසුගිය කාලයේ පිපිරීමට ලක්වීම නිසා දැඩි කතාබහක් ඇති කළා. මේ අතරේ අලෙවි කළ එම දුරකථන සියල්ල නැවත ගෙන්වා ගන්නට සැම්සුන් සමාගම තීරණය කළා.

ඒ පැරණි බැටරියේ දෝෂය සකසා නැවත වෙළඳපලට නිකුත් කරන්නටයි. කෙසේ නමුත් එලෙසින් නැවත සකසා වෙළඳපලට නිකුත් කළ දුරකථනයද පිපිරීමට ලක්වන බවට ලොව පුරා වාර්තා වුණා.

මේ හේතුවෙන් සැම්සුන් සමාගම නෝට් 7 දුරකථනය අලෙවි කිරීම මෙන්ම නිෂ්පාදනයද මුළුමනින්ම නවතා දමා තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ අදලා දුරකථනය මිලදී ගැනීම හෝ භාවිතය නොකරන ලෙසයි.

ඊට ආදේශ වශයෙන් නුදුරේදීම නෝට් 8 දුරකථනය වෙළඳපලට නිකුත් කරන්නට ඔවුන් මේ වන විටත් කටයුතු සූදානම් කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nisala Vila - Duruthu Poya Day Sermon With Dewapura Sudhassana Thero  | නිසල විල - දුරුතු පුන් පෝදා Citizen.lk බැතිසිතින් ඔබට එන පෝදා ධර්ම දේශනාව
Seylan

Citizen of the Week

Citizen.lk Exclusive Interview With Senali Fonseka  | එංගලන්තේ ඉගෙනගන්න ගමන් ලංකාවට ඇවිත් චිත්‍රපට රඟපාන සෙනාලි ෆොන්සේකා - Exclusive Video

Popular News