Citizen.lk
 

වසරේ විශිෂ්ටතම සෞඛ්‍ය ජනමාධ්‍ය සම්මානය නවලිය කතෘ හරින්දිට

වසරේ විශිෂ්ටතම සෞඛ්‍ය ජනමාධ්‍ය සම්මානය නවලිය කතෘ හරින්දිට | harindi liyanage nawaliya
Mon 22 October 2018 5:07 pm
262 views

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මගින් වාර්ෂිකව පවත්වනු ලබන 'සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනයෙහිලා වසරේ විශිෂ්ටතම ජනමාධ්‍යවේදී සම්මානය' උපාලි පුවත්පත් සමාගමේ සතිපතා කාන්තා පුවත්පත වන “නවලිය' පුවත්පතේ ප්‍රධාන කර්තෘ හරින්දී ලියනගේට හිමිව තිබෙනවා.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය කොළඹ 07, විජේරාම මාවතේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රවණාගාරයේදී 18 වැනිදා රාත්‍රියේ සිදු වුණා. 2017 වසරේදී ද මෙම සම්මානය හිමි වූයේ හරින්දී ලියනගේ විසින් රචිත වෛද්‍ය ලිපියකට වීම විශේෂත්වයක්.

මෙම සම්මාන පිරිනැමීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පසුගිය වසරේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිනී මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න මහත්මිය සහභාගි වූ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වර්තමාන සභාපති වෛද්‍ය රුවයිස් හනීෆා මහතා අතින් ඇයට මෙම සම්මානය හිමිවුණා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News