Citizen.lk
 

මාලී ගිය ශ්‍රි ලංකා හමුදා ප්‍රධානියාට රටින් පිටවන්නැයි එක්සත් ජාතින් දැනුම් දෙයි

මාලී ගිය ශ්‍රි ලංකා හමුදා ප්‍රධානියාට රටින් පිටවන්නැයි එක්සත් ජාතින් දැනුම් දෙයි | sri lanka armi on malii
Sat 20 October 2018 5:46 pm
536 views

මාලී දේශයේ රාජකාරි සදහා අනියුක්තව සිටින යුධ හමුදා සාම සාධක සේනාංකයේ අණදෙන නිළධාරිවරයාව යළි සිය රට කැදවන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලිමක් කර ඇතැයි වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවිය වාර්තා කරනවා.

මාලී දේශයේ සාම සාධක බළකායේ රාජකාරියේ නියුතු ශ්‍රි ලංකා යුධ හමුදා ලුතිනන් කර්නල්වරයාගේ මානව හිමිකම් පිළිබදව සිදුකරනු ලැබු විමර්ෂනයකින් පසු මෙම තිරණය ගැනිමට සිදුවු බව එක්සත් ජාතින්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් ඩුජාරික් ප්‍රකාශ කළ ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර සිටින්නේ.

ශ්‍රි ලංකා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කර සිටියේ ශ්‍රි ලංකා යුධ හමුදාව හෝ නිළධාරින් කිසිවිටක මානව හිමිකම් කඩකර නොමැති බවයි.

එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් චෝදනා කරන යුධ හමුදාවේ ලුතිනන් කර්නල් කළණ අමුණුපුර මිට ඉහතද සාම සාධක මෙහෙයුම් සදහා සිය රාජකාරි දායකත්වය ලබාදි ඇති බව ප්‍රකාශ කර සිටියා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ ඉල්ලිමට අනුව යුධ හමුදා ලුතිනන් කර්නල්වරයාව යළි සිය රට කැදවා ඇති බවත් ඔහුගේ නිර්දෝෂිභාවය සනාථ කොට යළිත් සාම සාධක මෙහෙයුම් සදහා අනියුක්ත කිරිමට පියවර ගන්නා බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News