Citizen.lk
 

කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව සිටිය යුතු හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් කියයි

කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්ව සිටිය යුතු හිටපු ක්‍රිකට් ක්‍රිඩකයින් කියයි | Kusal Mendis should stay away from cricket
Sat 20 October 2018 3:20 pm
790 views

යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ටික කාලයකට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටිය යුතු බව තමා සිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහෙල් ජයවර්ධන පවසනවා.

ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්, ඔහු මේ දිනවල සිටින්නේ පිඩනයක. එය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි බවයි ට්විටර් සටහනක් තබමින් හිටපු ශ්‍රී ලංකා නායකයා පවසන්නේ.

2018 වසරේ එක්දින තරග 14ක් සදහා ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් එහිදී ඉණිම් 13 කදී රැස් කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 174ක් පමණි. ඔහු එක්දින තරග 5 කදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ වරක් ප්‍රකාශ කර සිටියේ කුසල් මෙන්ඩිස් හට පිතිකරු ලයිස්තුවේ කුමන ස්ථානයක වුවද ක්‍රීඩා කළ හැකි පිතිකරුවක් ලෙසයි.

නමුත් ගතවු මාස කිහිපය තුලදී කුසල් මෙන්ඩිස් හට පිතිකරණ ලැයිස්තුවේ ස්ථාන කිහිපයක ක්‍රීඩා කිරීමට සිදුවුවා. ඉකුත් ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසු හිටපු නායක කුමාර් සංගක්කාර පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පිතිකරණ ලැයිස්තුව වෙනස් කිරීම නතර කළ යුතු බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News