Citizen.lk
 

ඔස්ට්‍රේලියානු පොලීසියට නඩු

ඔස්ට්‍රේලියානු පොලීසියට නඩු | Sued for Australian police
Fri 19 October 2018 1:00 pm
316 views

ඔස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පවරන බව එරට වෙසෙන ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වන මොහොමඞ් කමීර් නිසාම්දීන් පවසනවා. මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවටත්, ත‍්‍රස්ත ප‍්‍රහාර සැලසුම් කළ බවටත් ඔහුට චෝදනා නැගුණා. අසත්‍ය චෝදනා නගා තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔස්ටේ‍්‍රලියානු පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් අගෝස්තු මස 30වනදායි.

සිඞ්නි නගරයේ වැදගත් ස්ථාන කිහිපයකට ප‍්‍රහාර එල්ල කිරීමට අදාළ සැලසුම් සහිත සටහන් ඔහුගේ දින පොත් කිහිපයක තිබී හමුවූ බවයි ඔස්ටේ‍්‍රලියානු පොලීසිය පැවසුවේ. එහෙත්, මෙම ශිෂ්‍යයා ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට පිළිගත හැකි කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැහැ. ඒ අනුව ඔහුට එරෙහි සියලූ චෝදනා ඉවත් කර ගැනීමට ඔස්ටේ‍්‍රලියානු පොලීසිය ඉකුත් දා කටයුතු කළා.

පසුව මෙම ශිෂ්‍යයා ඇප මත මුදා හැරීමට ඔස්ටේ‍්‍රලියානු අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ බව සැලකිල්ලට ගනිමිනුයි ඔස්ටේ‍්‍රලියානු පොලීසියට එරෙහිව නඩු පැවරිමට ඔහු තීරණය කර ඇත්තේ.
25වන වියේ පසුවන මෙම ශිෂ්‍යයා නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ කොන්ත‍්‍රාත් පදනමෙන් රැකියාවකද නිරත වී සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News