Citizen.lk
 

මගේ රත්තරන් මල්ලිගේ මරණයට වගකියන්න ඕන මේ වෛද්‍යවරිය - කළුබෝවිල රෝහලේ ඉන්නේ බොරුව‍ට එයා හොඳ සැපෙන් ඉන්නවා

මගේ රත්තරන් මල්ලිගේ මරණයට වගකියන්න ඕන මේ  වෛද්‍යවරිය -   කළුබෝවිල රෝහලේ ඉන්නේ බොරුව‍ට එයා හොඳ සැපෙන් ඉන්නවා  | boralasgamuwa  accident cause doctor Not coming to court
Thu 18 October 2018 11:23 am
875 views

‘‘මගේ රත්තරන් මල්ලිගේ මරණයට වගකියන්න ඕන මේ වෛද්‍යවරිය කළුබෝවිල රෝහල් වාට්ටුවේ ඉන්නේ බොරුවට. එයා හොඳ සැපෙන් ඉන්නේ. බොරු ලෙඩ පෙන්වමින් එයා දැන් උසාවි එන්නෙත් නැහැ යැයි චන්ද්‍රා දයාංගනී මහත්මිය නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණ පරිශ‍්‍රයේදී පෙරේදා (16 වැනිදා * පැවසුවාය.

බොරලැස්ගමුව, පැපිලියාන, වික‍්‍රමරත්න මාවත ප‍්‍රදේශයේදී අපරික්ෂාකාරී අන්දමින් පැදවූ සුඛෝපභෝගී රථයකට තවත් මෝටර් රථයක ගමන් ගත් පොලිස් පරීක්ෂකවරයකු හැපී මිය යෑම සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය අවසන්ව පිටතට පැමිණි අවස්ථාවේ ඔහුගේ වැඩිමහල් සොයුරිය වන චන්ද්‍රා මහත්මිය එසේ කීවාය.

2018 සැප්තැම්බර් 30 වැනිදා අලූයම සිදු වූ මෙම අනතුරින් බම්බලපිටිය පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා (51* මියගොස් ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා බරපතළ තුවාල ලැබූහ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩිමහල් සොහොයුරිය වන දයාංගනී මහත්මිය මෙසේ ද කියා සිටියාය.

දැන් මේ වෛද්‍යවරිය අවස්ථා දෙකකදීම උසාවිය හමුවේ පෙනී සිටියේ නැහැ. මේ අනතුරින්වෛද්‍යවරියට කිසිම තුවාලයක් වෙලා නැහැ. මෙයා කළුබෝවිල රෝහල් වාට්ටුවේ ඇවිදිනවා කියලත් වාට්ටුවේ අය කිව්වා. තනිකරම බොරුවක් මෙයා කරන්නේ. අහිංසක පවුලක්ම විනාශ කරපු මේ වෛiවරියට කළුබෝවිල රෝහල් වෛiවරුන්ගෙන් පුදුම සහයෝගයක් ලැබෙන්නේ.

අනතුරින් මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ මව වන කසුමාවතී පෙරේරා මහත්මිය මෙසේ කියා සිටියාය.

මගේ රත්තරන් පුතා දැන් නැති වෙලා ඉවරයි. මම කියන්නේ මේ අපරාධයට වගකිවයුතු වෛiවරියට දැඩි දඬුවම් දෙන්න කියලයි. මගේ පුතාගේ නෝනටයි, දරුවෝ දෙන්නටයි තාම හොඳ නැහැ. මේ වෛiවරිය තාමත් කළුබෝවිල රෝහලේ ඉන්නේ.

මෙයා හරි නම් දැන් ඉන්න ඕනේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ. ඇය තාමත් රෝහලේ බොරුවට සිටිනවා.’’

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News