Citizen.lk
 

රෝ ඔත්තුකරුවෙක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක්

රෝ ඔත්තුකරුවෙක් ගැන විමල්ගෙන් හෙළිදරව්වක් | Wimal reveals about a  Raw racketeer
Wed 17 October 2018 3:03 pm
298 views

ජනාධිපති හා හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධව දැනට රහස් පොලිස් අත්අඩංගුවේ සිටින රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඉන්දීය ජාතිකයා තමාගේ නිවසට අවස්ථා දෙකකදී පැමිණ තිබුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (17දා) පැවසීය.

ඊට අමතරව තමාගෙ පක්ෂ කාර්යාලයටද ඔහු පැමිණ තිබුණු බවත්, එම අවස්ථාවලදී තමා නොසිටි බැවින් ඔහු මුණ නොගැසුනු බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා,

“මේ ඉන්දීය ජාතිකයා අප දන්නා තොරතුරු අනුව පාපොච්චාරණය කර තිබෙනවා ඉන්දීය රෝ ඔත්තු සේවයට සම්බන්ධ බවට. මොහු අවස්ථා දෙකකදී මා සොයාගෙන මගේ නිවසට පැමිණ තිබුණා. මම නිවසේ නොසිටි බැවින් ගේට්ටුව ළඟදි ආපසු හරවා යවා තිබුණා.

නමුත් දිගටම මම එනතුරු කියමින් නිවස ඉදිරිපිට රැඳී සිට තිබුණා. ඒ වගේම අපේ කාර්යාලයට මාව හොයාගෙන ඇවිත් තියෙනවා. මා නොසිටි නිසා ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි අයෙකු සමග කතාකරලා නැවත ගොස් තිබෙනවා. මොහුට ලංකාවට ඉදිරිපත් කර තිබෙන නම නෙමෙයි රෝ සංවිධානය තුළ තියෙන නම.” යනුවෙන් පවසා සිටියේය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News