Citizen.lk
 

මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට කෙනෙකුට ජනපතිකම යනවට

මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට කෙනෙකුට ජනපතිකම යනවට | ranjan say about Mr president palan
Tue 16 October 2018 3:53 pm
290 views

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩියෙන්ම විශ්වාස කරන්නේ තම ජාන බවත් ඒ අනුව නාමල් රාජපක්ෂ මහතාගෙන් පිටතට ජනපතිධූරය යනවට ඔහු විරුද්ධ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“මහින්ද රාජපක්ෂ මහත්තයා කවදාවත් විධායක ජනපතිකම වෙන කෙනෙකුට දෙන්නේ නෑ. ඒතුමා මැරෙනකම් ඒකේ ඉන්න ආසයි. මහින්ද මහත්තයා වැඩියෙන්ම මේ ලෝකේ විශ්වාස කරන දේ තමයි ඒතුමාගේ ශුක්‍රාණුව. තමන්ගේ ජාන. ඒ තමයි නාමල් රාජපක්ෂ මහතා.

මහින්ද මහත්තයා කැමති නෑ තමන්ගේ ජාන වලින් පිට ජනපතිකම යනවට. ගෝඨාභය රාජපක්ෂ මහතා ආවොත් එතනින් ඒහාට යන්නේ ඒයාගේ පුතාට. චමල් මහත්තයට ගියොත් ශෂීන්ද්‍රට, බැසිල්ට ගියොත් බැසිල්ගේ පවුලේ අයට. ඒ නිසා තමයි වාසුදේව මහතාත් වෙල්ගම මහතාත් රඟ පාන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පිටපතයි.”

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News