Citizen.lk
 

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න | press conference badula gunawardana statement
Tue 16 October 2018 2:08 pm
279 views


ඩොලරය ඉදිරියේ රුපියල කඩා වැටිම නිසා බොර තෙල් බැරලයකට ගෙවිය යුතු මුලද ඉහළ යාම සහ ඛණිජ තෙල් සඳහා අධික බදු පනවා තිබිම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බව මන්ත්‍රිවරයා එහිදි පැවසීය.

පසුගිය ආණ්ඩු විසින් ඉදිකළ මහින්ධෝදය තාක්ෂණික විද්‍යාගාරයවල අස්වැන්න වත්මන් ආණ්ඩු විසින් ලබා ගනිමින් සිටින බව මන්ත්‍රිවරයා මෙහිදි අදහස් පල කළේය.

පසුගිය දා ජනාධිපතිවරයා ගම්පහ ප්‍රදේශයේ පාසලක පැවති තාක්ෂණික ප්‍රදර්ශනයක් නැරඹිමට ගිය අවස්ථාවේදි එම පාසලේ සිසුවෙක් විසින් නිර්මාණය කළ රොකට්ටුවක් සඳහා මුල්‍යම ආධාර ලබා දුන්නේය.

බන්දුල මන්ත්‍රිවරයා පැවසුවේ එම තාක්ෂණය ලබා දීමට පසු ගිය ආණ්ඩු විසින් සිදු කළ අධාපනික සේවය මහත් සේ ඉවහල් වු බවයි.

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ මෙම තාක්ෂණික විෂය තමන් මැදිහත්ව පාසල්වලට හදුන්වා දුන් බවත් ඉන් පසුව සිසුන් තාක්ෂණය සඳහා වැඩි වශයෙන් නැඹුරු වු බවත් බන්දුල මන්ත්‍රිවරයා එහිද පැහැදි කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිනි විගස මහින්ධෝදය තාක්ෂණික විද්‍යාගාරය නම වෙනස් කිරිමට උත්සහ කළ බවද මන්ත්‍රිවරයා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් බන්දුල මන්ත්‍රිවරයා ගීතයක පදවැල් කිහිපයක් පවසමින් කියා සිටියේ "මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න" යනුවෙන්ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News