Citizen.lk
 

රැකියාව අහිමි වූ තෙබුවන පොලිස් සැරයන්ට ෆේස් බුක් හිත මිතුරන් එකතු වී රුපියල් ලක්ෂ 3 ක් ලබා දුන් හැටි - Video

රැකියාව අහිමි වූ තෙබුවන පොලිස් සැරයන්ට ෆේස් බුක් හිත මිතුරන් එකතු වී රුපියල් ලක්ෂ 3 ක් ලබා දුන් හැටි - Video  | face book peoples Donate tebuwan police officer
Mon 15 October 2018 1:59 pm
652 views

තෙබුවන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් සනත් ගුණවර්ධන පිළිබදව පසුගිය දිනවල දැඩිව කතාබහට ලක්වුනා.

ඔහු විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව සාධාරණය ඉල්ලා රාජකාරී ගිනි අවියද රැගෙන නගරයට පැමිණ ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධය දැක්වුවා. ඉන්පසුව අත්අඩංගුවට පත්වූ සැරයන් සනත් ගුණවර්ධනගේ වැඩ තහනම් කිරීමට ඉහළ පොලිස් නිළධාරීන් කටයුතු කළා.

සාධාරණය වෙනුවෙන් විරෝධය පළ කල සැරයන් පොලිස් ගුණවර්ධනගේ සේවය අත්හිටවීම ගැන සමාජමාධ්‍ය වල දැඩිසේ විරෝධයට ලක්වුනා. නීතිය ඉටුකිරීමට ගොස් අසරණ වී සිටින සැරයන් සනත් ගුණවර්ධනට පිහිටක් වන්නට සමාජ මාධ්‍ය වල පිරිසක් සමත් වී තිබෙනවා. මෙහි මූලිකත්වය ගෙන තිබුනේ නිමල් එදිරිසිංහ නමැති සමාජජාල ක්‍රියාකරුවෙන් ඔහු සහ සාමජ ජාල සමාජිකයින් රැසක් එකතු වී සැරයන් සනත් ගුණවර්ධන වෙනුවෙන් බැංකු ගිණුමක් ආරම්භ කර තිබුනා.

සමාජ ජාලයේ මනුෂත්වය පිරි මිනිසුන් රැසක් එකතු වී සාජන් සනත් ගුණවර්ධන වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබා දීමට කටයුතු කරා. සනත් ගුණවර්ධන මහතාගේ නිවසට ගොස් එම මුදල පරිත්‍යාග කළ අතර අසරණ වූ සනත් ගුණවර්ධන මහතා එම උපාකාරයට සහයෝගය දැක්වූ සැමට ස්තූතිය ප්‍රකාශ කළේය. එම විඩීයෝව පහතින්

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News