Citizen.lk
 

වලසුන් තිදෙනෙකු පහරදී මිය ගිය කියූ ග්‍රාම අාරක්ෂකයාගේ මරණය ඝාතනයක් බව හෙළි වෙයි - Photos

වලසුන් තිදෙනෙකු පහරදී මිය ගිය කියූ ග්‍රාම අාරක්ෂකයාගේ මරණය ඝාතනයක් බව හෙළි වෙයි - Photos   | mullegama bear attack dead cause
Sun 14 October 2018 2:53 pm
648 views


ඉඟිණියාගල පොලිස් බල ප්‍රදේශයේ මුල්ලේගම ගම්මානයේ ඉකුත් 08 වෙනි දින වලසුන් තිදෙනෙකුගේ ප්‍රහාරයට ලක්විමෙන් පසුව තුවක්කුවකින් වෙඩි තබාගෙන මිය ගියා යැයි කියන ග්‍රාමආරක්ෂක භටයාගේ මරණය සියදිවි හානි කර ගැනීමක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට අම්පාර මහ රෝහලේ පැවැති පශ්චත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබෙනවා.

මුල්ලේගම පදිංචි රවින්ද්‍ර තුසිත කුමාර නැමැති 38 හැවිරිදි අවිවාහක පුද්ගලයා කරාඩුගල පොලිසියට අනුයුක්තව සේවය කළ අයෙක්.

දින තුනක හිලව් නිවාඩු රැගෙන සිටියදී ඔහුගේ මළ සිරුර මුල්ලේගම ප්‍රදේශයේ හේනක පැලක් තුළ තිබෙන බවට ඔහුගේ ඥාතීන් රත්මල්ගහඇල්ල පොලිස් මුරපොලට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඉඟිණියාගල පොලිසිය පැමිණ විමර්ශන ආරම්භ කළා.

මෙම මරණය වෙඩි ප්‍රහාරයන් දෙකක් වැදීමෙන් සිදුවු මරණයක් බවටයි නිගමනය කර ඇත්තේ.

වලසෙකු විසින් පහරදීමකින් මෙම මරණය සිදු නොවී ඇති බවත් සිදු කරන ලද පළමු වෙඩිල්ල නිකටෙන් වැදි හක්ක ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති අතර එයින් මාරාන්තික තුවාල සිදුනොවී ඇති අතර දෙවෙනි වෙඩිල්ල හිස් මුදුනෙන් වැදී හක්ක ප්‍රදේශයෙන් පිටව ඇති අතර එහිදී හිසට සිදුවු බරපතල තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බවයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කොට ඇත්තේ.

මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මෙම ඝාතනය කරන ලද පුද්ගලයින් සෙවීම සඳහා ඉඟිණියාගල පොලිසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News