Citizen.lk
 

ලුණුගම්වෙහෙරදී 80 කට අධික පිරිසකට තුවාල බස් දෙකක් ගැටී - PHOTOS

ලුණුගම්වෙහෙරදී 80 කට අධික පිරිසකට තුවාල බස් දෙකක් ගැටී - PHOTOS | lunugamwehera bus accidend
Fri 12 October 2018 4:24 pm
228 views

ගාල්ල සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා ධාවන වූ ලංගම බසයක් සහ අම්පාර සිටි මාතර දක්වා ගමන්ගත් පෞද්ගලික බසයක් ලුණුගම්වෙහෙර නගරාසන්නයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් මගීන් 80 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි.

තුවාලකරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවු තුවාලකරුවන් දෙබරවැව සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කර ඇත.

තුවාලකරුවන්ගෙන් පස් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ගපවසයි. තුවාලකරුවන් වැඩි දෙනකුගේ මුහුණ, හිස හා කොන්ද ප්‍රදේශවලට හානි සිදුව ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. අද (12) දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර සාමාන්‍ය තත්ත්වයේ පසුවන තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇතැයි පොලීසිය පවසයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News