Citizen.lk
 

නොනවත්වා ධාවනය වන ලොව දීර්ඝතම ගුවන් වාරය ඇරඹේ

නොනවත්වා ධාවනය වන ලොව දීර්ඝතම ගුවන් වාරය ඇරඹේ | World's longest non-stop flight from Singapore to New York takes off for first
Thu 11 October 2018 4:02 pm
520 views

ගුවන් වාර ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ලෝකයේ මෙතෙක් වාර්තා වූ දීර්ඝතම හා නොනවත්වා ධාවනය වන ගුවන් වාරයක් ඇරඹීමට සිංගප්පූරුව සමත් විය. ඒ අනුව A 350-900 ULR එයාර් බස් වර්ගයට අයත් ගුවන් යානයක් යොදා ගනිමින් සිංගප්පූරුවේ ෂැංගි ගුවන් තොටුපළේ සිට ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවාර්ක් ගුවන් තොටුපල තෙක් ධාවනය වීමට නියමිත ය.

මෙම ගුවන් වාරය සඳහා පැය 19 කට ආසන්න කාලයක් වැය වන අතර ‍ ධාවනය වීමට නියමිත මුලු දුර කිලෝ මීටර් 15 341 කි. මෙම එක් ගුවන් වාරයක් සඳහා මඟීන් 161 කට එකවර සහභාගී විය හැකි බවත් ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාවගේ පහසුව සඳහා මෙලෙස ගුවන් වාරයක් ඇරඹුණු බවත් පැවසේ.

කෙසේවෙතත් මෙවැනි ම ගුවන් වාරයක් මෙම ධාවන පථයේ ම 2004 දී ආරම්භ වුව ද පැවති අධික පිරිවැය හේතුවෙන් අත්හැර දමා ඇත. මෙවර ඉතා ප්‍රශස්ත ගුවන් යානයක් යොදා ගැනීමෙන් මෙම අවහිරය බලනොපවත්වන බව සිංග්ගප්පූරු බලධරයින් ප්‍රකාශ කර ඇත.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News