Citizen.lk
 

අනේ එපා සර්.ත්‍රීවීලර් කාරයෝ කීවාට අපි දන්නවා මිනිස්සුන්ගේ සල්ලි නැති වුණාම තියෙන දුක - ත්‍රී විල් රියදුරුගේ අපූරු මනුස්සකම

අනේ එපා සර්.ත්‍රීවීලර් කාරයෝ කීවාට අපි දන්නවා මිනිස්සුන්ගේ සල්ලි නැති වුණාම තියෙන දුක -   ත්‍රී විල් රියදුරුගේ අපූරු මනුස්සකම   | colombo theeveel drive story
Thu 11 October 2018 11:57 am
1,033 views

කොළඹ නගරය කියන්නේ හොරු මංකොල්ලකරුවන් නිතර ගැවෙසන තැනක්, කොළඹ මං මාවත් වල ත්‍රීවිල් රුකියාව සිදු කරන හුඟක් මිනිස්සු කපටි පුද්ගලයින් මුදල් නිසා ඔවුන් විවිධ වංචා කරනවා. ඒවැනි මිනිසුන් අතරේ අවංක ත්‍රී රෝද රියෙදුරෙකු සිදු කරපු දෙයක් සමාජ ජාලයට මෙසේ එක කර තිබුනා.


අවංකත්වය මායිම් දමා වෙන් කළ නොහැක.
ස්තූතියි ෆර්ෂාඩ් .

කොළඹ ඉදන් ආවේ අද පාන්දර.ටිකක් නින්ද ගියා.ඔෆීස් ගියොත් බැංකුවට යන්න බැරි වෙයි අතරමග.නැගිට්ටෙත් 8 ට නිසා තමයි පරක්කු වුණත් ඔෆීස් යන්න කලින් බැංකුවට යන්න පික් මී එකෙන් ත්‍රීවීලර් එකක් ගෙන්න ගත්තා.
ගෙන බැංකුව ළගින් බැහැලා රියදුරු ට ඉන්න කියලා බැංකුව ඇතුලට ගියා. විනාඩි 4 කින් විතර ගිය වැඩේ කරගෙන එළියට එන කොටම ආපු ත්‍රීවීලර් එකෙන් කෝල් එකක්.
සර් සර් ගේ සල්ලි වගයක් සීට් එක උඩ.ඒ මොහොතේ තමයි දැන ගත්තේ සල්ලි ටික සාක්කුවට දා ගත්තා ද නැද්ද කියා කලබලේ හිටිය නිසා.
එළියට ඇවිත් බලන කොට ඔහු ත්‍රීවීලර් එකෙන් බැහැලා එළියේ.
" සර් මම ඇතුලට ගියේ නෑ.සල්ලි ඔක්කොම හරිද කියලා බලන්න " .
ඇත්තටම ආපහු ගණන් කරන්න ඕනේ නෑ.මොකද බැරි වෙලා වත් හොරකම් කරන කෙනෙක් ට නම් ඒක කරන්න ඕනේ තරම් ඉඩ තිබ්බා.එහෙම වුණා නම් මේ ඕකොම නෑ නේ කියලා සල්ලි ටික සාක්කුවට දාගෙන ආපහු ගමන පිටත් වුණා.
ඊට ඉස්සෙල්ලා" ඔයා ලොකු උදව්වක් කළේ.ඉන්න ෆොටෝ එකක් ගන්න.මට ඔයා ගැන ෆේස්බුක් එකේ ලියන්න ඕනේ ".
"අනේ එපා සර්.ත්‍රීවීලර් කාරයෝ කීවාට අපි දන්නවා මිනිස්සුන්ගේ සල්ලි නැති වුණාම තියෙන දුක.පින්තූර ඕනේ නෑ".
දේශපාලකයන්ට බැණ බැණ යුතුකම් අමතක කරන තක්කඩි සමාජ කොටස් ගැන හැම තිස්සෙම ලියන අතරේ ඒ තක්කඩි සමාජය අතරේ අවංක මිනිස්සු ඉන්නවා.
ඔහු නමින් ෆර්ෂාඩ් .මගේ ජාතියේ, ජන වර්ගයේ හෝ ආගමේ නොවුණත් ශ්‍රී ලාංකේය සමාජයේ අපේ එක මනුස්සයෙක්.
හැම ජන වර්ගයකම සීමිත පිරිසක් අපි අතරේ මොන බෙදීම් කරන්න හැදුවත් ඒ සියල්ල යට දාලා අපි අතරේ ඇති අවංකකමයි මනුස්සකමයි ඉස්මතු කර ගත්තොත් මේ සමාජය කොයි තරම් සුන්දර වේවිද කියා හිතෙනවා.
ඉතින් ෆර්ෂාඩ් ස්තූතියි ඔබට ඇවිලෙන්න තිබූ හිතේ ගින්දරක් නිවුවාට.

 

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News