Citizen.lk
 

ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

ඇලෝසියස්ගේ හා කසුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි  |  Alison's and Kasun's bailout request  Reject
Thu 11 October 2018 10:34 am
137 views

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යන අය විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මණ්ඩලය විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කියා සිටියේ මෙම සැකකරුවන්ට ඇප දීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් අනාවරණය නොවන බවයි.

ඒ අනුව මෙම සැකකරුවන් දෙදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝග දෙකක් ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි කියා සිටියේය.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන සිය ඇප ඉල්ලීම් වලින් අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තමන්ව සැකපිට අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කළ බවයි.

තමන්ට එරෙහිව රහස් පොලිසිය විසින් පොදුදේපල පනත යටතේ කරුණු වාර්තා කර ඇති බව සඳහන් කරන පෙත්සම්කරුවන් මේ හේතුවෙන් තමන්ව ඇපමත මුදා හැරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් රහස් පොලිසිය විසින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර වාර්තා මඟින් පොදුදේපල පනත යටතේ කිසිදු වරදක් අනාවරණය නොවන බවත් මේ හේතුවෙන් තමන්ව ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය මෙන්ම කොළඹ මහාධිකරණය මඟින් දී ඇති තීන්දු ද නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියේය.

මේ හේතුවෙන් තමන්ට ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත්වරිය මෙන්ම කොළඹ මහාධිකරණය විසින් ලබා දී ඇති තීන්දු දෙකක් ප්‍රතිශෝධනය කර තමන්ම ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන අභියාචනාධිකරණය වෙලා තිබුණි.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News