Citizen.lk
 

ඉන්දුනීසියාවේ බාලි දුපතට ප්‍රභල භූකම්පනයක් - තිදෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බාලි දුපතට ප්‍රභල භූකම්පනයක් - තිදෙනෙකු ජීවිතක්ෂයට  | Three killed as 6.0-magnitude quake rocks Indonesia's Java, Bali
Thu 11 October 2018 7:38 am
335 views

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 12.15 ට පමණ ඉන්දුනීසියාවේ බාලි දුපත් ආශ්‍රිතව රිච්ටර් ඒකක 6 ක අගයකින් යුත් භුකම්පනයක් සිදුව තිබෙනවා.

බාලි දුපතේ නැගෙනහිර වෙරළ කළාපය ආසන්නයේ සිදුවූ මෙම භුකම්පනයත් සමග එහි වැසියන් සිය නිවෙස් අත්හැර දිවගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මිට සති දෙකකට ඉහතදී ඉන්දුනීසියාවේ සුලාවේසි දුපත ආසන්නයේ සිදුවූ ඒකක 7.5 ක ප්‍රබල භූකම්පනයෙන් හා ඇතිවූ සුනාමි තත්ත්වය නිසා ජිවිතක්ෂයට පත්වූ පිරිස 1800 ඉක්මවා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සම්මන්ත්‍රණය මෙම සතියේදී ඉන්දුනීසියාවේ බාලි දුපතේ පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ලොව පුරා සිටින මුදල් අමාත්‍යවරුන් ඇතුළු 19,000කින් යුත් පිරිසක් සහභාගී වීමට නියමිතව සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News