Citizen.lk
 

ලහිරු මධුශංක ඉක්මනින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට ඇපකැප වෙමි - ඇමති ෆයිසර් මුස්තෆා

ලහිරු මධුශංක ඉක්මනින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට ඇපකැප වෙමි - ඇමති  ෆයිසර් මුස්තෆා | Lahiru Madhusanka is released soon - Faiszer Musthapha
Wed 10 October 2018 3:05 pm
625 views

මාලදිවයින් හි රැකියාවක් අපේක්ෂාවෙන් එහි ගොස් ඇති ලහිරු මදුශංක නැමැති අයට අත්වී ඇති ඉරණම පිළිබද මෙ වන විට කවුරුත් දැනුවත් වීඇත.

රැකියාවක් වෙනුවට ඔහු මාලදිවයිනෙහි සිරගත වී සිටී. දැනට බලයේ සිටින මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් මහතා ඝාතනය කිරීමට කළ සැලැස්මක් සම්බන්ධයෙන් ඔහු ප්‍රධාන සැකකරුවකු ලෙස අත්අඩංගුවේ පසුවේ.

ලහිරු මධුශංක ශ්‍රී ලංකාවේ යුධහමුදාවේ ස්නයිපර්වරයකු ලෙස සේවය කල අයෙකු බවට මාලදිවයින් බලධාරීන් සැකකරයි. දිගු කාලීන නඩුවක් වන නිසා 2015 ඔක්. 24 දින ඔහු රිමාන් භාරයට ගත් පසු අද වන තුරු සිරගතව සිටී. මේ වන තුරු ඔහුට නීතීඥවරයකු, හෝ පවුලේ සාමාජිකයකු මුණ ගැසීමට ඉඩප්‍රස්ථාව ලැබී නැත. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඔහුගේ වර්තමාන තත්වය පිළිබද වාර්තාවක් ඉදිරිපත් කර ඇත.ඒ අනුව ඔහු වදහිංසා වලට පවා ලක්වන බවට එම ආයතනය චෝදනා කරයි.

ගරු ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි දැනට ඡන්දයෙන් පත්වී සිටින මාලදිවයින් ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කරන ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ්-ඉබූ මහතා පසුගියදා මුණගැසුණු පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා මෑතදී පැවති මැතිවරණජයග්‍රහණය පිළිබද එතුමාට සුභපැතූ අතර ලහිරු මදුශංක සිද්ධිය සම්බන්ධයෙන් ද දීර්ඝව සාකච්ඡා කර ඇත.

එහි දී ලහිරු මදුශංක යුධ හමුදාවට හෝ කිසිදු ආරක්ෂක අංශයක සේවයේ නියුතු වූබවට කිසිම වාර්තාවක් නොමැති බවට එතුමා දැනුවත් කර ඇත. තවද ඔහුට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි නොමැති බවද තහවුරු කර ඇත. ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ්-ඉබූ  මහතා ඒ බව පිළිගත් අතර එම ක්‍රියාවලිය කඩිනම් කිරීමටත් ඉක්මන් විසදුමක් ලබා දීමට එතුමා එකග වී ඇත.

ගරු ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආශීර්වාදය මත ලහිරු මධුශංක ඉක්මනින් නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියට ඇපකැප වන බවට අමාත්‍යවරයා පොරොන්දු වන බව වැඩිදුරටත් දන්වා ඇත.

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News