Citizen.lk
 

හෙල්මට් නැතිව යතුරුපැදියකින් පාර්ලිමේන්තු ගියපු හේතුව ඇමති අකිල හෙළි කරයි - Photos

 හෙල්මට්  නැතිව යතුරුපැදියකින් පාර්ලිමේන්තු ගියපු හේතුව ඇමති අකිල හෙළි කරයි - Photos  | Education Minister Akila Viraj says he had to take a lift from a motorcyclist to come to Parliamen
Wed 10 October 2018 9:13 am
423 views

පාර්ලිමේන්තු පාරේ පැවති වාහන තදබදය හේතුවෙන් යතුරුපැදියක නැගී වැස්‌සේ තෙමි තෙමී රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට පැමිණීමට සිදුවූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා ඊයේ (09 වැනිදා) පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තුව ආරම්භයේදී ප්‍රශ්න තුනකට පිළිතුරු දීමට තිබූ බැවින් කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය වූවත් රාජගිරිය අසල පැයකට වැඩි කාලයක්‌ රැඳී සිටීමට සිදු වූ බව ද ඇමැතිවරයා කීවේය.

එම නිසා තමන් වාහනයෙන් බැස පාර්ලිමේන්තුව දෙසට ආ යතුරුපැදියක නැගී පාර්ලිමේන්තුවට පැමිණි බව ද ඇමැතිවරයා කීවේය.

"මාර්ග තදබදය නිසා මට වෙලාවට එන්න බැරිවුණා. පැයක්‌ රාජගිරියේ. ඊට පස්‌සේ මෝටර් සයිකලයක්‌ නවත්වාගෙන ඒකේ නැගලා ආවේ වැස්‌සේ තෙමි තෙමී. පාර්ලිමේන්තු දවස්‌වල වාහන තදබදය ගැන අවධානය යොමුකරන්න කියලා ඉල්ලා සිටිනවා" යෑයි ඇමැතිවරයා කීවේය.

විශ්‍රාමික රාජ්‍ය සේවකයන් පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණයක්‌ පැවැත්වීම හේතුවෙන් මෙලෙස වාහන තදබදය දැඩි වී තිබිණි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News