Citizen.lk
 

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා රැසක් හෙළිවන ලකුණු

ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ මූල්‍ය වංචා  රැසක් හෙළිවන ලකුණු | sri lanka cricket board Financial frauds revealed
Tue 09 October 2018 12:19 pm
135 views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2013 වසරේ සිට 2018 වසර දක්වා සිදුවූ ගනුදෙනුවල විශේෂ විගණනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා නියෝග කිරීමත් සමග එම විගණනය පැවරී තිබුණු අර්නස්ට් සහ යංග් විගණන සමාගම ඊයේ (08දා) විගණන කටයුතු අරඹා තිබුණි.

ඒ සඳහා පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇතැයි හෙළිවේ. අර්නස්ට් සහ යංග් විගණන සමාගමේ විගණන නිලධාරීන් 2013 වසරේ සිට 2018 වසර දක්වා ක්‍රිකට් තරග විකාශන අයිතිය සම්බන්ධයෙන්වූ ගනුදෙනු සහ ඒ ආශ්‍රිත මූල්‍ය කටයුතු පිළිබඳව විශේෂයෙන් විගණනය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර කිහිපය තුළ සිදුවූ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් විගණනයක් සිදුනොකරන්නේ ඇයිදැයි 'අද' පුවත්පත දිගින් දිගටම සිදුකළ අනාවරණයන්ට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝග මත විනිවිදභාවයකින් යුතුව මෙම විගණනය ආරම්භ කළේය.

මේ අතර මෙම විගණනයට සමගාමීව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිවනු ඇතැයිද කරුණු අනාවරණය වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News