Citizen.lk
 

සියොල් පොලීසිය මැවූ බොරු පුවතක් නිසා ලංකාවේ නම අපකීර්තියට ලක් වෙයි - කොරියාවේ තෙල් ගබඩාවක් පුපුරා යෑමේ ඇත්ත සිදුවීම මෙන්න

සියොල් පොලීසිය මැවූ බොරු පුවතක්  නිසා ලංකාවේ නම අපකීර්තියට ලක් වෙයි -  කොරියාවේ තෙල් ගබඩාවක් පුපුරා යෑමේ  ඇත්ත සිදුවීම මෙන්න  | Lankan arrested in Korea over oil storage tank fire
Tue 09 October 2018 8:21 am
693 views

දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ඉරිදා දිනයේ දීය අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබු ටැංකියක් පුපුරායාමෙන් එහි ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කොරියානු ආරක්ෂක අංශ ඊයේ(08) දිනයේ ඊට සම්බන්ධ බවට සැකපිට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙය සිදුවීම අහස් කූරක් දැල්වීමෙන් සිදු වූ බවට දකුණු කොරියා මාධ්‍ය අනාවරණය කළත් එය එසේ නොවන බව ආරාංචි මාර්ග සඳහන් කරනවා

මෙම සිදුවීමට අත්අඩංගුවට පත් ශ්‍රි ලාංකිකයා වැඩ බිමෙහි සේවය කරන විට පහන් සිලක් සහිත පැරෂුටයක් පතිත වී  තිබෙන අතර ඔහු විසින් එය නැවත දල්වා අහසට එක් කර තිබෙනවා එය පුපුරා ගිය තේල් ටැංකිය තිබූ ප්‍රදේශය තුළට ගමන් කරනු ඇතැයි නොසිතා සිදු කර ඇති අතර ශ්‍රි ලාංකීය නාමයට කැළලක් ඇති කිරීමේ අරමුණින් කොරියානු පොලීසිය ශ්‍රි ලංකා තානාපති කාර්යාලය වෙත මෙම පුවත විකෘති කර ලබා දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News