Citizen.lk
 

සම්පූර්ණ බොරුවක් මෛත්‍රී සමග සාකච්ඡා කළේ නෑ - මහින්ද කෑගල්ලේදී කියයි

 සම්පූර්ණ බොරුවක් මෛත්‍රී සමග සාකච්ඡා කළේ නෑ - මහින්ද කෑගල්ලේදී කියයි 	 |  mahinda  maithree discuss is  fake news
Tue 09 October 2018 7:58 am
149 views

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග පසුගිය දිනෙක සාකච්ඡාවක් පැවැත්වූයේ නැතැයි ද එය සම්පූර්ණ අසත්‍යයක් යැයි ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෙරේදා (07 වැනිදා* කෑගල්ලේදී පැවසීය.

හිටපු ජනාධිපතිවරයා එසේ පැවසුවේ කෑගල්ල බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා බැලීමට බන්ධනාගාරය වෙත පැමිණ ආපසු යන අවස්‌ථාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකදී පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ ද කීය,

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ පසුගිය ඉරිදා දිනක සාකච්ඡාවක්‌ පැවැත්වූ බව කියන පුවත සම්පූර්ණ බොරුවක්‌. සාකච්ඡාවක්‌ වුණේ නැහැ. මට පෙරමුණුවල සභාපතිකම් ගන්න පුළුවන්. මම දැනටමත් පොදුජන එක්‌සත් පෙරමුණේ සභාපති. ලේකම් දිමු. ජයරත්න මහතා.

අද නීතියක්‌ නැහැ යහපාලනේ ඉන්නේ කවුද? මේකේ පස්‌සේ ඉන්නේ පොලිසියනේ. කුමන්ත්‍රණය පිටුපස ඉන්නේ පොලිසිය. මේවා ගැන විභාගයක්‌ කරන්නේ නැහැ. මේවා ගැන පුදුම වෙන්න දෙයක්‌ නැහැ. අර හිරකාරයෙක්‌ මාංචු පිටින් ගඟට දාලා. පිහිනන්න බැහැ.

මේ අයට රට පාලනය කරන්න බැහැ. කොළඹ කුණු පාලනය කරන්නත් බැහැ. අද නගරාධිපති අඬනවා. මේවා කරන්න බැරි නම් පුළුවන් කෙනකුට දීලා යන්නයි කියන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News