Citizen.lk
 

දසුන් හංසි සමග විවාහ වෙලා?

දසුන් හංසි සමග විවාහ වෙලා? | dasun hansi wedding today
Mon 08 October 2018 6:15 pm
701 views

දසුන් පසුගිය කාලයේ රංගනය වෙනුවෙන් සම්මාන රැසක් ලබා ගත්ත දසුන් දැන් පුංචි දියණියකගේ පියෙක්. දසුන් පතිරණ කියන්නේ අපේ රටේ ඉන්න තරුණ නළුවන් අතර අති දක්ෂයෙක්. මේ හැමදෙයක්ම එක්ක දසුන් ගේ සහකාරිය හංසි දිසානායක කියන්නේ කා අතරත් ආදරය දිනාගත් ආදරණීය චරිතයක් බව කවුරුත් දන්නවා.

ස්විඩනයේ ජීවත් වෙන මේ වෙද්දි ලංකාවට ඇවිත් ඉන්න හංසි ගේ උපන්දිනය වෙනුවෙන් දසුන් ඇයට අපූරු තෑග්ගක් සූදානම් කරලා තිබුණා. දසුන් හංසි දෙපළගේ පුංචි ශයියා ඉපදෙනකොටත් මේ දෙදෙනා විවාහ වෙලා තිබුණෙ නැති නිසා දසුන් හංසි ව පුදුම කරවන්න කියලා ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කරන්න කටයුතු කරලා තිබුණා. ඉතින් ඊයේ (07) දිනයේ කසාද පොතේ අත්සන් කරලා දසුන් හංසිව සදාකාලිකවම උරුම කර ගත්තා. කොහොම වුණත් මේ දවස්වල දෙවැනි දරුවාත් අපේක්ෂාවෙන් ඉන්න බව තමයි හංසි කියන්නේ.

ජීවිතය ගැන වෙනස් විදියට හිතන, දසුන්ටත් සහ හංසිටත් Citizen.lk අපි සුභ පතනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News