Citizen.lk
 

ඉස්කෝලේ ඉන්න සේරම ළමයි දුප්පත් ළමයි. ඒ අතරෙත් මම ගොඩාක් දුප්පත් ළමයෙක්

ඉස්කෝලේ ඉන්න සේරම ළමයි දුප්පත් ළමයි. ඒ අතරෙත් මම ගොඩාක් දුප්පත් ළමයෙක්   | sad story of the student
Mon 08 October 2018 11:26 am
762 views

මගේ දුව ශිෂ්‍යත්වයට කියලා කොහේවත් පන්ති ගියේ නෑ. ඇත්තම කතාව කියනවා නම් එහෙම පන්තියකට යවන්න අපිට සල්ලි නෑ.

යනවා නම් බස් එකේ තමයි යවන්න වෙන්නේ. ඒ ළමයව තනියම යවන්න බැහැ. මහත්තයා කරන්නේ වාහනයක රියැදුරු රස්සාවක්. ඒකෙන් ලැබෙන පොඩි පඩියෙන් තමයි අපි ජීවත් වෙන්නේ. වැඩට ගියේ නැත්නම් ඒකත් නැහැ.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මුළු ලංකාවෙන්ම තුන්වැනි ස්ථානය ලබා ගත් බාලකුමාර් හරිතිකන් සුජා ශිෂ්‍යාවගේ මව වන කාංචනා මේ කතාව කියන්නට පටන් ගත්තේ හැඬු කඳුළෙන් යුතුවය.

වවුනියාව, නෙලුකුලම, ශිවපුරම් ප්‍රාථමික පාසලෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි බාලකුමාර් හරිතිකන් සුජා ශිෂ්‍යාව ලකුණු 197ක් ලබාගෙන තුන් වැනි ස්ථානය ලබා ගැනීමට සමත් වූවාය.

දුෂ්කරතා මැද ශිෂ්‍යත්වය දිනූ දියණිය හැඬූ කඳුලින් කී කතාව..

මම පාන්දරම හැමදාම නැඟිටිනවා. ඉස්කෝලෙට එන්න කලින් මම පැය දෙකක් විතර පාඩම් වැඩවල නිරත වුණා. ඊට පස්සේ පාසලට එනවා. පාසලේ දෙන වැඩ කළා. පාසලේ ටීචර්ම හවසටත් ඉගැන්නුවා. සල්ලි ගන්නේ නෑ. ඒ දෙන හැම වැඩක්ම කළා. ඒ අතරේ යාළුවෝ එක්ක සෙල්ලම් කළා. ගෙදර ගියාම නංගිත් එක්කත් විනෝද වුණා. එයා තවම ගොඩක් පොඩියි.

මගේ ටීචර් මට ගොඩක් ආදරෙයි. මේ ඉස්කෝලේ ඉන්න සේරම ළමයි දුප්පත් ළමයි. ඒ අතරෙනුත් මම ගොඩාක් දුප්පත් ළමයෙක්. ටීචර් මට ගොඩක් උදවු කළා. ඉගෙන ගන්න ඕනේ දේවල් ගෙනත් දුන්නා. සමහර දාට කෑමත් දුන්නා. ටීචර් හරිම කරුණාවන්තයි.
මම විභාගේ පාස් වෙනවා කියලා හැමෝම කිව්වා. මමත් දැනගෙන හිටියා මම විභාගේ පාස් වෙයි කියලා. ප්‍රශ්න පත්තරවලට ලියපු උත්තරවලට මට ඉහළම ලකුණු ලැබුණා.

ලංකාවෙන්ම තුන්වැනියා කියලා දැනගත්තම මට ගොඩාක් සතුටක් දැනුණා. අම්මට ඊට වඩා සතුටුයි. තාත්තා වැඩට ගිහින් එයා ආවේ නෑ. අම්මා තාත්තාට මට හොඳට විභාගේ පාස් කියලා කියලා තියෙනවා. මම ඉස්සරහටත් හොඳට ඉගෙන ගන්නවා. වේලාවකට හිතෙනවා මගේ ටීචර් වගේම හොඳ ටීචර් කෙනෙක් වුණා නම් හොඳයි කියලා. ඒත් අද ආපු හැම කෙනෙක්ම කිව්වේ හොඳට ඉගෙන ගෙන ‍ෙදාස්තර නෝනා කෙනෙක් වෙන්න කියලා. මටත් දැන් එහෙම ලොකු ආසාවක් තියෙනවා"

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News