Citizen.lk
 

හින්දුස්තාන් සංගීතයේ මියුරුතම රාගය “ආශාවරී” නමින් ලාංකික සිනමාවේ සුන්දරතම චිත්‍රපටය ආරම්භ වෙයි

හින්දුස්තාන් සංගීතයේ මියුරුතම රාගය “ආශාවරී” නමින් ලාංකික සිනමාවේ සුන්දරතම චිත්‍රපටය  ආරම්භ වෙයි | ashawari sinhala movie - theja iddamalgoda
Sun 07 October 2018 2:59 pm
2,074 views

ආයෙත් අපේ රටේ සුන්දරතම සිනමා කෘති බිහිවෙන කාලය උදාවෙලා. එයට එක් උදාහරණයක් අශාවරී. කලා ක්ශේත්‍රයේ හැම අංශයකින්ම නමක් දිනූ සංගීතඤ්ඤ පදරචක, වෙලඳ දැන්වීම් නිර්මාණයේ ප්‍රවීන අධයක්ෂකවරයෙක් හා පිටපත්නිර්මාණ ශිල්පියෙක්වන තේජා ඉද්දමල්ගොඩගේ කුලුදුල් සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුනා.

කලකට පසු සුන්දරම ගීතගණනාවක්ස මඟින් ප්‍රවීන නළු නිළි කැලක් සමඟ කල එළි බසින මේ සිනමා කෘතිය කැමරාකරණය කරන්නේ ප්‍රවීන සිනමා කැමරාවේදී රුවන් කොස්තා අතිනි. හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, සේමිනී ඉද්දමල්ගොඩ, ජයනි සේනානායක, හඳුන්වාදෙන අලුත්ම පෙම්වතිය ඉෂංකා ජාන්වි, රොහාන් රණතුංග චරිත මවන මේ චිත්‍රපටය ඔහිය, දියතලාව වැනි සුන්දර පලාත්වල රූගත කිරීම් මේ මස ආරම්භ වෙයි.

නිරෝෂා විරාජිනි, සුරේන්ද්‍ර පෙරේරා, කුෂානි සදලේකා, සංඛ දිනෙත් ගීත ගායනා කරන මෙම චිත්‍රපටයේ තනු නිර්මාණය කරන්නේ තේජා ඉද්දමල්ගොඩ සමඟින් සංගිත නිර්මාණය කරන්නේ ප්‍රවීන සංගීතවේදී සුරේශ් මාලියද්ද විසිනි. සද්දාමංගල සූරියබණ්ඩාර තිර රචනය කර ඇති මෙහි කතාව තේජා ඉද්දමල්ගොඩ විසින් ලියා ඇත. හමුදා නිලධාරියෙක් හා දෙමළ තරුණියක් වටා ගෙතී ඇති ප්‍රේමනීය කතා පුවතේ ජයලත් මනෝරත්නයන් “සුබ්‍රමනියම්” නමැති දුම්රිය ස්ථානධිපතිවරයෙකුගේ චරිතය නිරූපණය කරයි.

ඉතාම සිත්ගන්නාසුලු ආදර කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටිය පුරා සංගීතයෙන් මුසපත් කරගන්නට තේජා ඉද්දමල්ගොඩ අදහස් කර සිටී. නන්දන වික්‍රමගේ සහ කැලුම් ශ්‍රීමාල් පද රචනාවලි මියුරු ගීත රස විදින්නට හැකි අතර අංග රචනයෙන් ඉන්දික උදාරගෙන් හැඩ ගැන්වෙන අශාවරී, සුනිල් ප්‍රේමරත්නගේ කලා අධ්‍යක්ෂනයෙන්ද දමින්ද මඩවල හා ඉදුනිල් දැරනියගල සහ සුගන්ද ජනප්‍රසාද්ගේ සහය අධ්‍යක්ෂනයෙන් වර්ණවත් වෙයි. ලබන අවුරුද්දේ එලිදක්වන්න බලාපොරොත්තුවන ආශාවරී මීඩියා විෂන් නිශ්පාදනයකි.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News