Citizen.lk
 

ඉන්දුනීසියාවේ හටගත් සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1350 දක්වා ඉහළට

ඉන්දුනීසියාවේ හටගත් සුනාමි තත්ත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 1350 දක්වා ඉහළට | Indonesia tsunami: Death toll rises to nearly 1,350
Wed 03 October 2018 8:19 am
229 views

ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතට බලපෑ භූ කම්පනයෙන් සහ ඉන් අනතුරුව හටගත් සුනාමියෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 1350ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපදාවෙන් විපතට පත් වූ පුද්ගලයින් ආහාර, පානීය ජලය සහ ඖෂධ සොයා වෙළෙඳ සල් මංකොල්ල කෑමට යොමුවීම හමුවේ ඉන්දුනීසියා පොලීසිය සිය ආරක්ෂක රැකවල් තර කර ඇති බව ය.

විපතට පත්වූවන් වෙත සහනාධාර රැගෙන පැමිණෙන මානුෂවාදී රථ පෙළවලට ද පොලිස් සහ හමුදා ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබේ.

මේ අතර තවමත් පුද්ගලයින් භූ චලනයේ සුන්බුන්වලට සිරව සිටින බවට බිය පළ වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News