Citizen.lk
 

සුන්බුන් අතර සිරවූවන් සොයා ඉන්දුනීසියාවේ තවදුරටත් මෙහෙයුම්

 සුන්බුන් අතර සිරවූවන් සොයා ඉන්දුනීසියාවේ තවදුරටත් මෙහෙයුම්  | Indonesia tsunami search for survivors
Mon 01 October 2018 3:24 pm
296 views

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයෙන් සහ සුනාමි රළ පහරින් අනතුරුව කඩා වැටුණු සුන්බුන් අතර සිටින පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

විදෙස් වාර්තා සඳහන් කළේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ පැය 24 පුරා මෙම මෙහෙයුම් දියත් කර ඇති බවයි.

සුනාමි ව්‍යවසනයෙන් පසුව වසංගත රෝග පැතිර යාමේ අවධානම පාලනය කිරීම සඳහා මියගිය පිරිස් සමූහ වශයෙන් භූමදාන කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඉන්දුනීසියාවේ පෙරේදා සිදුවූ රික්ටර් මාපකයේ 7.5ක අගයක් ගත් භූ කම්පනයෙන් පසුව ඇති වූ සුනාමි රළ හේතුවෙන් පුද්ගලයන් 832කු මියගොස් තිබෙනවා.

මෙම සංඛ්‍යාව දහස ඉක්මවනු ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

Latest News

( 4 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News