Citizen.lk
OPPO
 

ඔබට සුවපත් මුඛ සෞඛ්‍යයක් නොමැතිනම් සම්බන්ධතා ගැන දෙපාරක් හිතන්න වෙනවා

ඔබට සුවපත් මුඛ සෞඛ්‍යයක් නොමැතිනම් සම්බන්ධතා ගැන දෙපාරක් හිතන්න වෙනවා | Tips for Fresh Breath
Fri 04 September 2015 8:48 am
8,936 views

අතීතයත් එක්ක බලනකොට වර්තමානයේ තියෙන දියුණු සමාජ රටාවත් සමග අප සියලු දෙනාටම සමාජය සමග සක්‍රීයව ගණුදෙණු කරන්න සිදු වනවා. නිතරම සමාජයේ පිරිස් අතරට යන්න වගේම ගනුදෙනු කරන්න, ඒ අය සමඟ අදහස් ඛෙදා ගන්න ඔබට සිදුවෙනවා. ඒත් ඔබට සුවපත් මුඛ සෞඛ්‍යයක් නොමැතිනම් ඒ සම්බන්ධතා ගැන දෙපාරක් හිතන්න වෙනවා. නැවුම් මුවක් අහිමි වීමෙන් එදිනෙදා ජීවිතයේ ගොඩක් ගැටළු වලට වගේම අපහසුතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සරලව කියනවානම් මුඛයෙන් හමන දුර්ගන්ධය නිසා ඔබට අන් අයගෙන් ඉවතට ගමන් කිරීමට සිද්ධ වෙනවා වගේම ඔබ අපහසුතාවයට පත් වෙනවා.

දත් දිරායාම, දත්මුල් දියවීම වැනි සෞඛ්‍ය ගැටළු නිසා ඇතිවන මේ වගේ තත්ත්වයකදී මෙයින් මිදෙන්න කරාබු නැටි තෙල් සාරයෙන් යුතු නිෂ්පාදනයක් භාවිතයෙන් හැකියාව ලැඛෙනවා. කරාබු නැටි බොහෝ මුඛ සෞඛ්‍ය ගැටළු මඟහරවා ගැනීමට භාවිතා කරන අනර්ඝ ඖෂධයක් ලෙස අතීතයේ සිටම භාවිතා කරන්නක්. වර්තමාන නවීන වෛද්‍ය විද්‍යාව තුළින් ද එය පිළිගත්තක්. ඒ නිසාම ඔබට නැවුම් මුවක් හිමිකර ගන්න දෙවරක් නොසිතා චකිතයකින් තොරව කරාබු නැටි තෙල් අඩංගු නිෂ්පාදනයක් භාවිතා කරන්න පුළුවන්. අන්‍යයන් ඉදිරියේ කැපී පෙනෙන්න, ඔබගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න වගේම, ඔබගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න ඒ තුළින් ඔබට හැකියාවක් ලැබේවි.

මුඛ දුර්ගන්ධය වැනි ගැටළු නිසා මෙතෙක් කල් ඔබ අන් අයගෙන් පසුපසට ගමන් කළා නම්, ඔබේ අදහස් අන් අය සමඟ ඛෙදා ගන්නට නොහැකි වුනා නම් ඒවා තව දුරටත් හංගාගෙන ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ. නැවුම් අදහස් එක්ක නිදහසේ අන් අය අතරට යන්න, ඔවුන් අතර දීප්තිමත් චරිතයක් වෙන්න කරන්න අවශ්‍යම වෙන්නෙ නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම. ඒ සඳහා කරාබු නැටි තෙල් සහ ෆ්ලෝරයිඩ් අඩංගු නිෂ්පාදනයක් තෝරා ගන්න. එවිට ඔබට කැපී පෙනෙන පුද්ගලයෙකු විය හැකියි. 

Latest News

You may also like

Latest Videos

Hot Video

Colombo Mahanama Students Enter To Yashodaradevi Balika School  | මහානාම සිසුන් පිරිසක් කොළඹ බාලිකා විදුහලකට කඩාපනී
Yamaha
Seylan

Citizen of the Week

Mr. Samare  & Samare - Upcoming Stars Of Youth With Talent | රටම හිනැස්සූ දේශපාලන වොයිස් අනුකරණය - මිස්ටර් සමරේ & සමරේ මුල්වරට කරළියට ඇවිත් කී රස කතා - Citizen Of The Week Exclusive Video

Popular News


x OPPO