Citizen.lk
 

මැතිව්ස්ව ඉවත් කළේ එයාගේ ශාරීරික යෝග්‍යතාව හදාගන්න - හතුරුසිංහ කියයි

 මැතිව්ස්ව ඉවත් කළේ එයාගේ ශාරීරික යෝග්‍යතාව හදාගන්න - හතුරුසිංහ කියයි | Mathews was removed to improve his physical fitness
Thu 27 September 2018 7:08 am
753 views

ඇන්ජලෝ මැතිව්ස්ව එක්දින කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවේ ඔහුගේ ආබාධ තත්ත්වයක් පෙනෙන්නට තිබෙන නිසා බවත් එම ආබාධ තත්ත්වය හරියාකාරව හදාගෙන නැවත ඔහුට කණ්ඩායමට පැමිණිය හැකි බවත් පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. වැඩිදුරටත් අදහස් දක්වූ චන්දික හතුරුසිංහ

‘ඇන්ජලෝ මැතිව්ස්ව ඉවත් කළේ එයාගේ ශාරීරික යෝග්‍යතාව හදාගන්න අවස්ථාවක් දෙන්න. කාලයක් තිස්සෙ එයාගෙ රිපෝට් බැලූවහම පේනවා එයාගේ ආබාධ තත්ත්වය. අනික බැට් කරද්දී මැතිව්ස් ලකුණු ලබා ගැනීමට කඩුලූ අතර දිව යද්දීත් ඒ ආබාධය පේන්න තියෙනවා. ඒක එයාට විතරක් නෙමෙයි අනිත් අයටත් බලපානවා. ඒ නිසා ඇන්ජලොත් එක්ක කතා කරලා ඒ ශාරීරික යෝග්‍යතාව හදන්න තමයි අපි එයාට අවස්ථාවක් දීලා තියෙන්නෙ. මැතිව්ස් කියන්නෙ හොඳ ක‍්‍රීඩකයෙක්. මම ඇවිල්ලා එයාට ඉල්ලීමක් කළා නායකත්වයට භාර ගන්න කියලා. නමුත් දැන් එයාගෙ තියෙන ශාරීරික යෝග්‍යතාව නිසා තමයි ඉවත් කළේ.

කෙසේ වෙතත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්බ්‍රෝයි පවසන්නේ මෙවැනි අදහසක්. ‘මැතිව්ස් ඔස්ට්‍රේලියාවෙ ගිහින් ඩොක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් අරන් ආවා. එතනදි එයාට කරන්න එපා කියපු ව්‍යායාම් තියෙනවා. නමුත් එපා කියපු ඒවා එයාට දැන් කරන්න පුළුවන් කියලා කියනවනම් මම පුදුම වෙනවා.’ යනුවෙනි.

අවසන් වසර දෙකේදී එක්දින ඉනිමක ලකුණු 59 කට වැඩි සාමාන්‍යක් රඳවා ගත් ඇන්ජලෝ මැතිව්ස්ව නායකත්වයෙන් ඉවත් කළද කණ්ඩායමෙන් ඔහුව ඉවත්කිරීම දැඩි විවේචනයට ලක්ව තිබේ. මැතිව්ස් යනු ශ‍්‍රී ලංකාවේ පැවැති දකුණු අප‍්‍රිකානු තරගාවලියේදීද වැඩිම ලකුණු ලාභියාය.

ආසියානු කුසලාන පරාජය හේතුවෙන්ම මැතිව්ස්ව අයින් නොකර බවත් ඒක එක් හේතුවක් පමණක් බවත් ශ‍්‍රී ලංකා පුහුණුකරුවා පවසයි, ආසියානු කුසලානයේ හිටපු අනිත් කණ්ඩායම් ඉතාමත් හොඳයි. එහෙම කියලා නිදහසට කරුණු කියනවා නෙමෙයි. අපි අපේ දක්‍ෂතාවට හරියන්න ක‍්‍රීඩා කළේ නැති එක තමයි පරාජයට හේතුව. මැතිව්ස් අයින් කරන්න ඒකම නෙමෙයි හේතුව. එයාව අයින් කිරීම එක් හේතුවක් විතරයි.’

 

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News