Citizen.lk
 

ආසියානු කුසලානයේ පෙරළිකාර ඇෆ්ගන් පිල හමුවේ ඉන්දියාවත් අසරණ වෙයි - තරඟය සමවීමෙන් ඉන්දීය ක්‍රීඩකයින් විමතියට පත්වෙයි - වීඩියෝ

ආසියානු කුසලානයේ පෙරළිකාර ඇෆ්ගන් පිල හමුවේ ඉන්දියාවත් අසරණ වෙයි - තරඟය සමවීමෙන් ඉන්දීය ක්‍රීඩකයින් විමතියට පත්වෙයි - වීඩියෝ | india vs afghanistan Match tied
Wed 26 September 2018 8:25 am
6,030 views

ආසියානු කුසලානයේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් මේ වනවිටත් ක්‍රීඩා කරන ඇෆ්ගනිස්ථානය ඊයේ (25) ඉන්දියාව සමඟින් පැවති තරඟයේ ලකුණු සම කරගනිමින් එය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිල පන්දු ඕවර 50 අවසානයේ ප්‍රභල ඉන්දීය පිලට එරෙහිව කඩුලු 8කට ලකුණු 252ක් රැස් කිරීමට සමත් වුණා. එහිදී විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කල ආරම්භක පිතිකරු මොහොමඩ් ෂහ්ශාඩ් ශතකයක් සමඟින් ලකුණු 124ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දීය පිලේ මැදපෙල පිතිකරුවන්ට රිසි සේ පන්දුවට පහරදීමට ඉඩ නොදුන් ඇෆ්ගන් පන්දුයවන්නන් අවසන් පන්දු ඕවරයේ කිහිපයේදී තරඟයේ වැඩි වාසි ඔවුන්ට ලබා ගත්තේ දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින්. එහිදී ඔවුන් දුවද්දී දවාගැනීම් 3ක් සාර්ථක කරගැනීමට සමත් වුණා.

අවසන් පන්දුව දෙකට එක් ලකුණක් ලබාගැනීමට තිබියදී ඉන්දීය පිලේ අවසන් කඩුල්ල ලෙසින් ජඩේජා දැවීගිය අතර මේ එම අවසන් පන්දුවාරයේ වීඩියෝවයි...

 

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News