Citizen.lk
 

එන්නතක් ලබාදීමෙන් පසු නුවරඑළියේ රෝගීන් පිරිසකට අක්ෂි ආබාධ

එන්නතක් ලබාදීමෙන් පසු නුවරඑළියේ රෝගීන් පිරිසකට අක්ෂි ආබාධ | Eye disorders problem for patients
Sun 23 September 2018 3:09 pm
164 views

අක්ෂි රෝග සඳහා ලබාදෙන එන්නතකින් පසු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් පිරිසකට ඇස් පෙනීමේ ආබාධ මතු ව තිබේ.
එම රෝගීන් පවසන්නෙ එන්තක ලබාදීමෙන් පසු තමන්ගේ පෙනීම නොමැති වී ගිය බවයි.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාගෙන් අදහස් දැක්වූ අතර

ඔහු කියා සිටියේ, එම එන්නත ලබාදීමෙන් පසු අදාළ රෝගීන්ට සංකූලතා මතුව ඇති බවයි පසුගිය සතියේ සිට එන්නත ලබාගත් රෝගීන් 12 කට අධික සංඛ්‍යාවක් යළි ත් නුවරඑළිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

රෝගීන් වෙත ලබාදුන් එම එන්නතක් ඛාණ්ඩය මේ වනවිට වෙනත් රෝගීන් වෙත ලබාදීම අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා අදාළ එන්නත් සාම්පල සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව ද නුවරඑළිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News