Citizen.lk
 

විදුලිය අඩුවෙන් භාවිතා කරන අයට සහන මිලට LED බල්බ

විදුලිය අඩුවෙන් භාවිතා කරන අයට  සහන මිලට LED බල්බ  | LED bulbs on behalf of those who use less electricity
Sun 23 September 2018 1:37 pm
172 views


විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට එල්. ඊ. ඞී විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කොළඹදී පැවැසීය.

මනුකියවන්නන් මගින් මෙම විදුලි බල්බ ඉදිරියේදි නිවසටම ලබාදිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

විදුලි බල්බ දස ලක්ෂයක් ලබාදිමට රජය සැළසුම් කර ඇති බවත් මේ මගින් මෙගාවොට් 304ක ප‍්‍රමාණයක් ඉතිරි කර ගැනිමට රජය සැළසුම් කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසිය.

ලක්ෂ 20කට අධික විදුලි පාරිභෝගිකයන් පිරිසක් සාමානය විදුලි බල්බ භාවිතා කරමින් සිටින බවත් මේ හේතුවෙන් විශාල වශයෙන් විදුලිය නාස්තිවිමක් සිදුවන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News