Citizen.lk
 

බංග්ලාදේශය අන්ත අසරණ කරමින් ඇෆ්ගන් පිලෙන් සුපිරි ඉණිමක් - රෂීඩ් ඛාන් 20වන උපන්දිනය අමතක නොවන තරඟයක් කරගනී - වීඩියෝ

බංග්ලාදේශය අන්ත අසරණ කරමින් ඇෆ්ගන් පිලෙන් සුපිරි ඉණිමක් - රෂීඩ් ඛාන් 20වන උපන්දිනය අමතක නොවන තරඟයක් කරගනී - වීඩියෝ | Afganistan Beat Bangladesh Asia cup 2018
Fri 21 September 2018 7:57 am
1,661 views

ඊයේ (20) බංග්ලාදේශ් පිල හා ඇෆ්ගනිස්ථාන් පිල අතර පැවති තරඟයෙන් ලකුණු 136ක ජයක් ලබන්නට ඇෆ්ගන් පිල සමත්වුණා. මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිල පන්දුවාර 50 අවසානයේදී කඩුලු 7 කට ලකුණු 255ක් වාර්තා කිරීමට සමත්වුණා.

ඇෆ්ගනිස්ථාන පිලේ දඟ පන්දු යවන්න ක්‍රීඩක රෂිඩ් ඛාන් ඊයේ (20) දින සිය 20 වන උපන්දිනය සැමර අතර ඔහු පන්දු 32 කදී වේගවත් ලකුණු 52 ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට පැමිණි බංග්ලාදේශ පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ඇෆ්ගන් පන්දු යවන්නන් තරගය සිය පාලනයට නතුකර ගනු ලැබු අතර ඔවුන්ගේ ඉණිම පන්දුවාර 42.1 කදී ලකුණු 119 කට සිමා වුණා.

මෙම තරඟයත් සමඟින් බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 වටයට පිවිසීමටද සමත් වුණා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News