Citizen.lk
 

පොලිස්පතිට ඉවත් වෙන්නැයි තමන් ඉල්ලීම් නොකළ බව අගමැති කියයි

පොලිස්පතිට ඉවත් වෙන්නැයි තමන් ඉල්ලීම් නොකළ බව අගමැති කියයි | Prime Minster Says he is not request to Resign Pujith Jayasundara
Thu 20 September 2018 11:33 am
779 views

පොලිස්පතිවරයාට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයා හා ජනාධිපතිවරයා ඉල්ලීමක් කර ඇති බවට පුවත් වාර්තා වුණද ඒ අයුරින් අගමැතිවරයා ඉල්ලීමක් කර නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

අග‍්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා සදහන් කර ඇත්තේ පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිධූරයෙන් ඉවත් කිරිමේ බලයක් අග‍්‍රාමාත්‍යවරයාට නොමැති බවයි.

ඒ සදහා ඉල්ලා සිටීමේ හෝ හැකියාවක් අගමැතිවරයාට නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිතුමාගේ නිර්දේශ මත පාර්ලිමේන්තුවේ උසස් නිළතල පත් කිරීමේ කමිටුවට හා ජාතික පොලිස් කොමිසමටයි.

එමෙන්ම පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නීතිය හා සාමය බාර නියෝජ්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය බාර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම්දීමක් කර ඇති බව ද නලීන් බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News